තද වුණේ මෙමට කඩපු නිසයි සිල්පදය

අම්බලන්ගොඩ ප්‍රදේශයේ හිමිනමක් මොරවක් කෝරලේ ගම්මානයක කැලෑබද ප්‍රදේශයක ආරණ්‍යයක් සකස් කරගෙන වැඩ වාසය කර ඇත. මේ හිමිනම මෙම ආරණ්‍යය දියුණු කර ගැනීමට එහි පැමිණ දින පටන් දැඩි වෙහෙසක් ගෙන ඇත. ඒ සඳහා ගමේ මෙන්ම අසල්වැසි ගම්මානවල ජනයාගේද සහයෝගය නොමඳව ලැබී ඇත.

මේ අනුව සෑම පෝය දිනකම ආගමික උත්සව මෙහි පැවැත්විණි. බෞද්ධ ජනතාවද විශාල ලෙස මෙම ස්ථානයට පැමිණ ආගමික වතාවත්වල යෙදී ඇත. මේ නිසා ටිකෙන් ටික මෙම ආරණ්‍යය දියුණුවන්නට පටන් ගෙන ඇත.

කාලය මෙසේ ගතවෙද්දී එම ගම්මානයේ නිවෙසක කාන්තාවකගේ හැටහතර මායම් දැලේ හිමිනම පැටලී ඇත. මුල් කාලයේ ආරණ්‍යයේ පැවැති ආගමික ප්‍රබෝධයද පසුව නැතිවී ඇත. සැමියා නොමැති එම කාන්තාව හිමිනම රවටා තමන්ගේ සියලු අවශ්‍යතා හිමිනමගේ මාර්ගයෙන් සපුරාගෙන ඇති අතර නිවෙසක් පවා ඉදිකරවාගෙන ඇත. මෙම කාන්තාව වෙනත් පිරිමින් සමඟද සම්බන්ධතා පවත්වා ඇත.

දිනක් හාමුදුරුවන් නිවෙසට යනවිට එම කාන්තාව වෙනත් පිරිමියකු සමඟ සිටිනු දැක හාමුදුරුවන්ට යකා නැඟ ඇත. වටපිට බැලූ හිමිනමට අතට හසුවී ඇත්තේ අලවංගුවකි. එය රැගෙන දෙදෙනාට පහරදීමට සැරසෙන විට පිරිමියා එතැනින් පැන දිවගොස් ඇත. අලවංගු පහර කාන්තාවගේ ඔළුවට වැදී ඔළුව පැළී තුවාල වී ඇත. මින් බියට පත්වූ හිමිනම එතැනින් පැනගොස් තිබේ. කාන්තාව රෝහල් ගතකර ඇති අතර ගමේ අය තවමත් කැලේ පැන්න හාමුදුරුවෝ සොයමින් සිටිති.

උපුටාගැනීම – මව්බිම පුවත්පත​

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...