කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ළමාරක්ෂණ අධිකාරිය ඉදිරිපිටදිම අද (25) උදෑසන අත්අඩංගුවට ගත්තා. මොහු ෆේස්බුක් ගිණුමක් හරහා වයස අවුරුදු 15ට අඩු ළමයෙක් අපයෝජනය කර ඇති අතර ඔහු හමුවන්නට පැමිණි මොහොතේ ළමාරක්ෂණ අධිකාරියේ නිලධාරින් විසින් අන්තර්ජාලය හරහා ළමා අපයෝජනයේ යෙදෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ආරම්භ කර තිබෙන “සයිබර්වොච්” මෙහෙයුම යටතේ මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජාතික ළමාරක්ෂණ අධිකාරිය විසින් වයස අවුරුදු 15ට අඩු ළමයෙකු ලෙස පෙනී සිටිමින් කථිකාචාර්යවරයා සමග මාසයක පමණ කාලයක් තිස්සේ අදහස් හුවමාර කරගෙන තිබේ. එහිදී කථිකාචාර්යවරයා මෙම ළමයා සමග විවිධ ලිංගික ක්‍රියාකාරකම් ගැන කතා කර තිබෙනවා.
අවසානයේ දරුවා මුණ ගැසෙන්නට මොහු කැමැත්ත පළ කර ඇති අතර ජාතික ළමාරක්ෂණ අධිකාරිය ඉදිරිපිට දී අද (25) උදේ ඒ හමුව සූදානම් කොට තිබුණා. කථිකාචාර්යවරයා අත්අඩංගුව පත්වූයේ එම අවස්ථාවේදීය. මේවනවිට එම කථිකාචාර්යවරයාගෙන් ප්‍රශ්න කරමින් සිටින බව ළමාරක්ෂණ අධිකාරිය පැවසුවා.