‘එහෙම පරීක්ෂණයක් මුළු රටට ඕනෑ නෑ. එය අපේ රටට කරන අපහාසයක්.‘- චන්ද්‍රිකා බණ්ඩාරනායක

-විසි හය අවුරුදු සිවිල් යුද්ධයේ දී ශ්‍රී ලංකාවේ සිදුවීයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර් ජාතික පරීක්ෂණයක් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකාවේ හැම දෙනා විරුද්ධ බවත්, එම ඉල්ලීම ශ්‍රී ලංකාවට අපහාසයක් බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ලන්ඩනයේ අයි බී ටයිම්ස් පුවත්පත සමඟ පැවසා ඇත.එවැනි සිද්ධියක් ගැන එක්සත් ජාතින්ගේ සංවිධානය මගින් අන්තර් ජාතික පරීක්ෂණයක් කළ යුතු යැයි පැවසීය ශ්‍රී ලංකාවට කරන අවලාදයක් හා නිග්‍රහයක් බවත්, කළ යුත්තේ ශ්‍රී ලංකාවේ දේශීය පරීක්ෂණයකට එක්සත් ජාතීන්ගේ සහාය දීම බවත් ඩුබායි රටේදී දී ඇය කියා සිටින ලදී.

විදේශ ඇමැති මංගල සමරවීර මහතා පවසා ඇත්තේ දේශීය පරීක්ෂණයක් පවත්වන බවයි. ‘එහෙම පරීක්ෂණයක් මුළු රටට ඕනෑ නෑ. එය අපේ රටට කරන අපහාසයක්.‘මෛත්‍රීපාල සිරිසේන ජනපති පවසා ඇත්තේ දේශීය පරීක්ෂණයක් කරන බවයි.ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවීයැයි ලන්ඩනයේ චැනල් ෆෝ රූපවාහිනියේ නිශ්පාදක කැලම් මැක්‍රේ කියා ඇත්තේ දේශීය පරීක්ෂණයක විශ්වාසනීයත්වයක් නැති බවයි.

Check Also

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...