1999 දෙසැම්බර් 21 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණය අපේක්ෂකයන්ට බොහෝ සෙයින් විශේෂ සිදුවීම් රැසකට මුහුණ පෑමට සිදුවුණු නැකැත් සහිත ජනාධිපතිවරණයක් ලෙස ප්‍රථමයෙන්ම හඳුන්වා දිය යුතුයි. ඒ වගේම මේ ජනාධිපතිවරණය ජේයාතිර්වේදීන්ගේ වරදක් නිසා ජයග්‍රාහී අපේක්ෂිකාවට ඇසක් අහිමි කරන්නත් හේතු වුණා. මගේ මතකයේ හැටියට මේ ජනාධිපතිවරණයට අපේක්ෂකයො දුසිමකට වඩා හිටියා. මට හොඳට මතකයි අඩුම මනාප ගත්තෙ ‘සමනලයා’ ලකුණින් තරග කරපු ‘ප්‍රේමවර්ධන’ කියල කෙනෙක්. එයාට ඡන්ද 4,000ක්වත් ගන්න බැරි වුණා. මේ මැතිවරණය වෙලාවෙ අපි කවුරු තුළත් බලාපොරොත්තුදැල් වූ අපේක්ෂකයො හතර දෙනෙක් හිටියා. ඒ අවුරුද්දෙම ‘භීෂණයෙන් තොර සමාජයක්’ පොත එළියට දාපු හරිස්චන්ද්‍ර විජේතුංග පොදු ජනයාගේ සිත් ඇද බැඳ ගන්න දක්ෂ වුණා. හැබැයි එතුමන්ට ඡන්දෙ කාලෙ වෙනකොට තිබුණෙ රාහුගෙ මහ දසාව. 1931 ඔක්තෝබර් 25 වැනිදා හරිස්චන්ද්‍ර විජේතුංග උපදිනකොට රාහු හිටියෙ මීන රාශියෙ සතුරු බවට පත්වෙලයි. ඒ රාහු 1999 අවුරුද්දෙ හිටියෙ කටක රාශියෙ සතුරු තත්ත්වයෙනුයි. උපදිනකොට ගුරු උච්ච වෙලා සිකුරුයි, කුජයි ස්වක්‍ෂේත්‍ර වෙලා අර්ධ රාජ යෝගයක් ඇතිව ඉපදුණු හරිස්චන්ද්‍ර මහත්තයට ‘රේවතී’ නැකැතින් ඉපදිලත් ඒ ඡන්දෙදි ගන්න ලැබුණෙ ඡන්ද 35,000ක විතර ප්‍රමාණයක්.
ලොකු විපතක් එක්ක බලය ලැබෙන යෝගයක් චන්ද්‍රිකාට තිබුණා රනිල්ගෙ කුක්කුට පක්ෂියා හිටියෙ මරණ අවස්ථාවේ
ආධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර
1999 දෙසැම්බර් 21 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණය අපේක්ෂකයන්ට බොහෝ සෙයින් විශේෂ සිදුවීම් රැසකට මුහුණ පෑමට සිදුවුණු නැකැත් සහිත ජනාධිපතිවරණයක් ලෙස ප්‍රථමයෙන්ම හඳුන්වා දිය යුතුයි. ඒ වගේම මේ ජනාධිපතිවරණය ජේයාතිර්වේදීන්ගේ වරදක් නිසා ජයග්‍රාහී අපේක්ෂිකාවට ඇසක් අහිමි කරන්නත් හේතු වුණා.
මගේ මතකයේ හැටියට මේ ජනාධිපතිවරණයට අපේක්ෂකයො දුසිමකට වඩා හිටියා. මට හොඳට මතකයි අඩුම මනාප ගත්තෙ ‘සමනලයා’ ලකුණින් තරග කරපු ‘ප්‍රේමවර්ධන’ කියල කෙනෙක්. එයාට ඡන්ද 4,000ක්වත් ගන්න බැරි වුණා. මේ මැතිවරණය වෙලාවෙ අපි කවුරු තුළත් බලාපොරොත්තු
දැල් වූ අපේක්ෂකයො හතර දෙනෙක් හිටියා. ඒ අවුරුද්දෙම ‘භීෂණයෙන් තොර සමාජයක්’ පොත එළියට දාපු හරිස්චන්ද්‍ර විජේතුංග පොදු ජනයාගේ සිත් ඇද බැඳ ගන්න දක්ෂ වුණා. හැබැයි එතුමන්ට ඡන්දෙ කාලෙ වෙනකොට තිබුණෙ රාහුගෙ මහ දසාව. 1931 ඔක්තෝබර් 25 වැනිදා හරිස්චන්ද්‍ර විජේතුංග උපදිනකොට රාහු හිටියෙ මීන රාශියෙ සතුරු බවට පත්වෙලයි. ඒ රාහු 1999 අවුරුද්දෙ හිටියෙ කටක රාශියෙ සතුරු තත්ත්වයෙනුයි. උපදිනකොට ගුරු උච්ච වෙලා සිකුරුයි, කුජයි ස්වක්‍ෂේත්‍ර වෙලා අර්ධ රාජ යෝගයක් ඇතිව ඉපදුණු හරිස්චන්ද්‍ර මහත්තයට ‘රේවතී’ නැකැතින් ඉපදිලත් ඒ ඡන්දෙදි ගන්න ලැබුණෙ ඡන්ද 35,000ක විතර ප්‍රමාණයක්.
නමුත් 1999 වෙනකොට රටේ වැඩියෙන්ම ආකර්ෂණය දිනා ගත්තෙ රතු පාටින් සීනුවෙන් ජ. වි. පෙ. වෙනුවෙන් තරග කරපු නන්දන ගුණතිලකයි. 1962 ඉපදුණු කෙනෙක් නිසා නන්දන අනාගතයේ යමක් කරාවි. ඒත් 1999 ඡන්දෙදි ජනාධිපති අපේක්ෂකයෙක් වුණු නන්දනට ලැබුණෙ ඡන්ද තුන් ලක්ෂ පනස් දාහකට කිට්ටු ගාණක්. නන්දන උපදින්නෙ 1962 සැප්තැම්බර් 7 වැනිදා. බුධ – කන්‍යාවෙ එදා හිටියෙ උච්චවයි. ඒ නිසා නන්දනට රසවත්ව කතා කරන්න පුළුවන්. රවි, සිකුරු, සෙනසුරු තුන්දෙනාම ස්වක්‍ෂේත්‍රයි. ඒක රාජ යෝගයක්. හැබැයි නන්දන උපදිනකොට චන්ද්‍රයා හිටියෙ වෘශ්චික රාශියෙ නීච වෙලා නිසා ඒ රාජ යෝගය නන්දනට නීච කෙරුවා. ඒ නිසා නන්දනට ගන්න පුළුවන් වුණේ ඡන්ද 4%ක් විතරයි.
ඊළඟට ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයෙක් වුණේ අලියා ලකුණින් ඉදිරිපත් වුණු රනිල් වික්‍රමසිංහ මහතායි. ඡන්දයකට ඉදිරිපත් වෙනකොට තමන් ගත කරන්නෙ 8, 12 සම්බන්ධ දසාවක් නම්, වෙනත් සුබ ග්‍රහයෝගත් නැත්නම් ඒ අපේක්ෂකයා සහතිකවම පරාද වෙනවා. ඉතින් රනිල් ඒ වෙලාවෙ ගත කෙරුවෙ ගුරුගෙ මහ දසාවෙ රාහුගෙ අතුරු දසාව. ඒ වගේම ගුරු රාහු දෙන්නම 8 සහ 12 ප්‍රබල නිවේදකයො වුණා. ඒ දෝෂය මකන්න මහා බල යෝගයක් රනිල්ට ඒ වෙලාවෙ උදාවෙලා තිබුණෙ නෑ.
ඊළඟට 1999 ප්‍රධාන ජනාධිපති අපේක්ෂිකාව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ගැන බලමු. මට චන්ද්‍රිකා මුණගැහෙනකොට චන්ද්‍රිකාට නැකැත් දීල තිබුණු ජේයාතිර්වේදියා නොදැනුවත්කමට වඩා වගකීමෙන් තොරවයි ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ කියල මම කිව්වා. චන්ද්‍රිකාගෙ ජනාධිපති තනතුර ඒ වෙනකොටත් තිබුණා. ඉතින් එයා තමයි ඡන්ද ප්‍රකාශයට පත් කරන්නෙ. එදා ඡන්දය ප්‍රකාශයට පත්කෙරුවෙ 1999 ඔක්තෝබර් 28 වැනිදා. එදත් මේ 2014 වගේම ඡන්දය ප්‍රකාශ කරනකොට බ්‍රහස්පතින්දා දවසකුයි උදාවෙලා තිබුණෙ. මුවසිරස නැකැතට තමයි එදා අයිති වෙන්නෙ. මේ දෙක එකතු වෙනකොට මර යෝගයක් උදාවෙනවා. හරියට මෙදා සැරේ හමස්මර යෝගයක් උදාවුණා වගේ. ඒ වගේම එදා තිබුණෙ චන්ද්‍රිකාට දෙනට නැකැතින් උපන් නිසා ජන්ම යෝගයක්. ඒක ඒ තරම්ම සුබ නෑ යුද්ධ කටයුතුවලට නම්. අර මර යෝගයයි, මේ ජන්ම ගුණයයි එකතු වුණාම චන්ද්‍රිකාගෙ ඇහැට අනතුරක් වෙලා ඉතිරි වෙච්ච එක ලොකු දෙයක්.
ඒ වගේම එදා නාමයෝජනා භාර ගත්තෙ 1999 නොවැම්බර් 16 වැනිදා උදේ 9.00 ඉඳල 11.00 අතරතුර කාලයේදීයි.
රනිල් ඉපදුණේ උත්‍රසල නැකැතින් නිසා රනිල්ගෙ පක්ෂියා වුණේ කුක්කුට පක්ෂියා. එදා උදේ 8.53 ඉඳල 11.15 වෙනකල්ම රනිල්ගෙ පක්ෂියා හිටියෙ මරණ අවස්ථාවෙ. ඉතින් කොහොමද රනිල් ඒ ඡන්දෙ දිනන්නෙ. ඒ වගේම 1999 ජනාධිපතිවරණයට නාමයෝජනා භාර ගත්ත දවසෙ ‘උත්පාත’ දෝෂය තිබුණා. ඒක මහ භයානක දෝෂයක්. ඒ නපුරුකම තවත් තියුණු වුණා. ‘විෂ්ඨි’ නමැති මහා අසුබකරණය නිසා.
චන්ද්‍රිකා විසින්ම මේ වගේ අසුබ වෙලාවල් හදාගෙන නාමයෝජනා භාර දීපු 1999 ජනපතිවරණයේදී අනතුරක් වෙලා ඉතුරු වුණු එකත් ලෝක පුදුමයක්. ඒ වගේම 99 දෙසැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණ ඡන්දය පැවැත්වුණා. චන්ද්‍රිකාට ඒ නැකැත බොහෝම සුබයි. චන්ද්‍රිකාට පරම මෛත්‍රි කියන ගුණ බලය එදා ලැබුණා. රනිල්ට උදාවෙලා තිබුණෙ සම්පත් ගුණයයි.
කොහොම වුණත් 99 ජනාධිපතිවරණය වෙලාවෙ වැඩිපුරම ඡන්ද වැටෙන උදේ 9.00 ඉඳල 11.30 වෙනකල් කාලයේදී රනිල්ගෙ කුක්කුට පක්ෂියා හිටියෙ මර අවස්ථාවෙ. ඉතින් රනිල් එදා පරාද වුණා. නමුත් අනතුර මාරකය නිසාම ලක්ෂ 43කට වැඩියෙන් ඡන්ද ගන්නත්, ඡන්ද දායකයාගේ අනුකම්පාව ලබා ගන්නත් චන්ද්‍රිකා 99දී සමත් වුණා.
කොහොම වුණත් චන්ද්‍රිකාට මේ ස්වභාවය තේරුම් කරල දුන්නට චන්ද්‍රිකා ඒක ගණන් ගත්තෙ නැත්තෙ එයා ඒ වෙනකොට ගතකෙරුවෙ සෙනසුරුගෙ මහ දසාව නිසයි. මොකද සෙනසුරුගෙ මහ දසාවෙ රාහුගෙ අතුරු දසාව බොහෝම බලසම්පන්න විපත්තිදායක දසාවක්. බලය ලැබෙනවා ඒ වගේම මහ විපතක් සිද්ධ වෙනවා. නමුත් 1999 ජනාධිපතිවරණය වෙලාවෙදි මේ දෙකම එක ළඟ සිද්ධවෙන එකයි විශේෂත්වය. කොහොම වුණත් ඒ දවස්වල චන්ද්‍රිකාගෙ මහ දසාව අධිපති සෙනසුරු 3, 4, 7, 8, 9, 11, 12 භාව නිවේදකත්වය ගත්තා. මෙතැනින් 8, 12 මාරක සහිත අනතුරුවලට හේතු දෙනවා. නමුත් තුන් වැන්න වික්‍රමස්ථානයයි. චන්ද්‍රිකාගෙ වික්‍රමස්ථානය ඡන්දෙ දවස වෙනකොට රට පුරාම පැතිරිලා තිබුණා. 9 වැන්න කියන්නෙ පෙර පින් ගැන කියන තැන. 11 වැන්න කියන්නෙ ජයග්‍රහණයේ වාසනාව. ඉතින් මේ හැමදේම එක්ක 1999 ජනාධිපතිවරණයෙන් අනෙක් සියලුම අඩු ග්‍රහ බල තිබුණු අපේක්ෂකයා පරාද කරමින් එවරත් චන්ද්‍රිකාට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා.
සටහන – චාමිකා මුණසිංහ