‘ඔබ 77 බෙලිඅත්තෙන් ඡන්දෙන ආවා නම් නැවතත් බෙලි අත්තෙන්ම ඡන්දෙට එන්න. මම එනවා බෙලි අත්තෙන් ඡන්දෙ ඉල්ලන්න. ඡන්දේ ඉල්ලා බෙලිඅත්තෙන්ම ඔබේ දේශපාලන ජීවිතය අවසන් කරන්න යැයි.‘ යැයි ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්න මහතා කොළඹ පැවැති රැලියක දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කළේය.
‘රුපියල් දෙදහස බැගින් දීලා, රුපියල් දෙලක්ෂය බැගින් බස් වලට දී මාතරට සෙකඟ ගෙනාවා. බෙලි අත්ත මහින්ද රාජපක්ෂ මහතාගේ ගමේ මැද මුලන වලව්ව ඉදිරිපිට බස් දෙක පුරවා ගන්න පැය තුනයි විනාඩි 41ක් රාජපක්ෂ මහත්තයාගේ පිරිස රස්තියාදු වුණා. අප ළඟ වීඩියෝ තිබෙනවා. යහපාලනයේ එක පොරොන්දුවක් වුණා. දූෂිතයන්ට නාමයෝජනා නොදෙන බව කිව්වා. එසේ දී තිබුණොත් අපි ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයයි සිරිකොතයි වටලනවා.‘
