මහා පරිමාණ මුදල් වංචාවක් සිදු කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දොම්පේ පොලිසියට පුද්ගලයින් 16 දෙනෙකු විසින් සිදු කරන ලද පැමිණිලි අනුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්ය.
සැකකරු විසින් රුපියල් පන් කෝටි හැත්තෑ පන් ලක්ෂයක මුදලක් වංචා කර ඇති බව මූලික පරීක්ෂණ වල දී අනාවරණ වී ඇත.
අදාළ පුද්ගලයින්ගෙන් ලබා ගත් මුදල් මොහු විසින් ආපසු නොදී ඇති බව පොලිසිය පවසයි.