කිලෝවක් රු. 1000 ඉක්මවයි

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්වයත් සමඟ දේශිය මිරිස් වගාව විනාශ වී යාමකට ලක්ව ඇත. එම හේතුව නිසාවෙන් අමු මිරිස් වල මිල ඉතා ඉහළ අගයක් ගනු ලැබේ. මේ වන විට එක් මිරිස් කරලක මිල රුපියල් 05 – 08 ත් අතර මිලක් ගන්නා අතර අමු මිරිස් 100g මිල රු. 100/= ත් ඊට වැඩි අගයක් ගනී. රුපියල් 900 – 1300 ත් අතර මිලකට අමු මිරිස් කිලෝවක මිල ඉහළ ගොස් ඇත. එසේම මේ දිනවල වෙළදපොළේ අලවියට ඇති අමුමිරිස් ගුණාත්මකභාවයෙන් පහළ මට්ටමක පවතී.
එසේම අලවියට ඇති මිරිස් කරලක ප්‍රමාණය අඟල් 01-02 ත් අතර ප්‍රමාණය ගන්නා බව ද පාරිභෝගිකයින් තැන තැන මැසිවිලි නගති. එනිසා ගෘහණියන්ට ඉවුම් පිහුම් සඳහා මිරිස් භාවිතය අවම කිරීමට ද සිදුවී ඇත. ආපන ශාලා හිමියන් ද මේ ප්‍රශ්නයට ම මුහුණ පා සිටිති. ආහාර පිසීමේදී ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක් බවට අමු මිරිස් පත්ව ඇත. ආහාර රසගැන්වීමට මෙන්ම ආහාරයේ ගුණාත්මක බව රදවා ගැනීමට ද ආහාරයේ සැර නියම අයුරින් තබා ගැනීමට ද මිරිස් කරලක් වුව ද ප්‍රමාණවත් වේ. එනිසා මිල අධික වුව ද අමු මිරිස් පිසීමේ කාර්යයට අත්‍යවශ්‍ය වේ.
එහෙත් අමු මිරිස් මිල සීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් අයහපත් කාලගුණ තත්ත්වය මධ්‍ය යේ හෝ තම වගාව රැකගත් ගෝවීන්ගේ අතමිට මේ දිනවල සරු වෙනු ඇත.

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...