“චීනා” ළඟින් ගියොත් ඇස්‌ දෙකම නැහැ

“කළු” කඩයට අලෙවිකොට විශාල මුදලක්‌ ලබා ගැනීමේ එකම අරමුණ ඇතිව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ අයෙකු විසින් අවුරුදු හයක ළමයකු අල්ලා ඔහුගේ ඇස්‌ දෙක උළුප්පා ඔහු (ළමයා) සදාකාලික අන්ධයෙකු බවට පත්කිරීමේ අතිශයින් ම්ලේච්ඡ ක්‍රියාවක්‌ ගැන චීනයෙන් වාර්තා වෙයි.

චිනයේ උතුරු ප්‍රදේශයේ පිහිටි සංෂි නගරයේ පෙංෂි නම්වූ ගමේ එළිමහන් ස්‌ථානයක ක්‍රීඩා කරමින් සිටි පිරිමි ළමයෙක්‌ හදිසියේම අතුරුදන් විය. පැය හතරකට පමණ පසුව ලේවලින් නැහැවී ගිය ළමයා දකින්නට ලැබිණි. අධික ලෙස වෙහෙසවී දෙමාපියන් විසින් සොයාගත් මෙම දරුවාගේ දෑස්‌ නොතිබිණි.

ඔහුගේ ඇස්‌ දෙක ඒ අසලම තිබී පසුව සොයාගත් නමුත් එහි විනිවිද පෙනෙන කොටස හෙවත් සුදු ඉංගිරියාව ඉවත්කරගෙන තිබිණි.

තිරිසන් ගණයට අයත් එහෙත් ඉතා ලාභ ලබන වෙළෙ¹මක්‌ වූ ශරීරයේ කොටස්‌ අලෙවි කිරීමේ ජාවාරමේ යෙදී සිටින, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ අයෙකු විසින් මෙම ක්‍රියාව සිදුකර ඇතැයි වාර්තා වේ.

“ළමයාගේ මුහුණ පුරාම ලේ තිබුණා. ඔහුගේ ඇස්‌ පියන් ඇතුල් පැත්ත, පිටපැත්තට හැරී තිබුණා. ඔහුගේ ඇස්‌ බෝල තිබුණේ නැහැ” යි ඔහුගේ පියා ශැංෂි රූපවාහිනී සේවයට පැවැසීය.

ළමයාට බෙහෙතක්‌ බොන්න සලස්‌වා, කලින්ම ළමයාගේ සිනී විසඥ කර තිබෙනවා. මේ තිරිසන් ක්‍රියාව කළ සාහසිකයා ඇස්‌ උලුප්පා ගෙන තිබෙන්නේ එයින් පසුවයි.” යනුවෙන් චීනයේ වෙයිධු නමැති සමාජ අන්තර්ජාලය වෙත ප්‍රකාශයත් නිකුත් කළ චීන රජයේ මධ්‍යම රූපවාහිනි සේවයේ ප්‍රකාශකයකු පැවැසීය.

උමතුවෙන් මෙන් ළමයා දෙස බලාගත්වනම සිටින දෙමාපියන්ද වේදනාවෙන් ඇඹෙරෙමින් සිටින ළමයාද මොහොතකින් රෝහලේ ඇඳක තබාගෙන ශල්‍යාගාරය වෙත රැගෙන යමින් සිටි ළමයාද රූපවාහිනියෙන් විකාශනය කරනු දක්‌නට ලැබිණි.

මෙම තිරිසන් ක්‍රියාව කර ඇත්තේ කාන්තාවක්‌ විසින් යෑයි පොලිසිය විශ්වාස කරන අතර මේ එකම සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා යම් තොරතුරක්‌ දෙන අයකුට යුවෑන් ලක්‍ෂයක මුදලක්‌ හෙවත් රන් පවුම් 10,510 ක්‌ තෑගී කරන බව පොලිසිය පවසයි.

මාධ්‍ය තුළ මෙය සන්ත්‍රාසය ඇතිකරන සිද්ධියක්‌ වී ඇත. යම් කිසිවෙක්‌ මෙතරම් කෲර වූයේ ඇයි? එසේ වූයේ කෙසේද? යෑයි වෙයබු අන්තර් ජාලයේ විමර්ශකයෙක්‌ ප්‍රශ්න කළේය.

චීන පාතාලයේ අවයව වෙළෙ¹ම ජයටම සිදුවේ. රජයේ මාධ්‍ය සඳහන් කරන්නේ මෙම අවයව බද්ධ කිරීම අවශ්‍ය වන චීනයේ තුන්ලක්‌ෂයක්‌ (300,000) පමණ ජනයාගෙන් ඉහත කී නීතිවිරෝධී අන්දමින් ලබාගත් අවයව 10,000 පමණ දෙනාට ලබාදෙන බවය. එයට හේතුවී ඇත්තේ චීනයේ අවයව පරිත්‍යාග කරන ජනයාගේ හිඟකම හෙවත් ඌණතාවයයි.

පසුගිය ජුලි මාසයේ රජයේ මාධ්‍ය චෝදනා කළේ චීනයේ රතු කුරුස සංගම් ශාඛාද මෙම නීති විරෝධී ව්‍යාපාරයට සම්බන්ධ වී ඇති බවය.

මාධ්‍ය මගින් හෙළිදරව්කර ඇති මෙවැනි බිහිසුණු ක්‍රියා නිසා චීනය භීතියෙන් හා ත්‍රාසයෙන්ද ඇළලී ගොස්‌ ඇත. මෙවැනි තවත් සිද්ධියක්‌ වන්නේ අන්තර්ජාල ක්‍රීඩාවක්‌ පිළිබඳ ණය මුදලක්‌ ගෙවීම සඳහා 18 හැවිරිදි තරුණයකු විසින් තම වකුගඩුවක්‌ විකිණීමය.

“ළමා ශරීර අවයව සඳහා චීන රටේ විශාල ඉල්ලුමක්‌ ඇති අතර විශාල මුදල් ප්‍රමාණයක්‌ද ගෙවනු ලැබේ. එයට හේතුව ශරීර අවයව හිමි තැනැත්තා තරුණ වූ තරමට අවයවයේ තත්ත්වයද උසස්‌ බව පිළිගැනීම යෑයි මෙම අවයව ජාවාරමේ යෙදී සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටින අයෙකු අන්තර් ජාලයේ ප්‍රවෘත්ති සේවයට පවසා ඇත.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...