-ශ්‍රී ලංකාවේ අංග සම්පූර්ණ වකුගඩු රෝහලක් ඉදිකිරීම සඳහා අවශ්‍ය ආධාර ලබාදීමට චීන රජය එකඟතාව පළ කර ඇත. චීනයේ සිව්දින නිල සංචාරයක නිරත වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චීන ජනාධිපති ෂිං ජින් පින් මහතා අතර පෙරේදා (26දා) පෙරවරුවේ පැවැති ද්විපාර්ශවීක සාකච්ඡාවලදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කරන ලද ඉල්ලීමක් අනුව චීන ජනාධිපතිවරයා මේ සඳහා සිය එකඟතාව පළ කර ඇත.චීනයට ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිළිගැනීමේ නිල උත්සවය චීන ජනාධිපති ෂිං ජින් පින් මහතාගේ ප්‍රධානත්වයෙන් බීජිං නුවරදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවත්වා ඇති අතර ශ්‍රී ලංකා ජනාධිපති වෙනුවෙන් විශේෂ හමුදා උත්තමාචාරද එහිදී පිළිගැන්වුණු අතර අනතුරුව දෙරටේ දූත පිරිස හඳුනා ගැනීම සිදු විණි. එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ චීන රජය මෙතෙක් ශ්‍රී ලංකාවට ලබාදුන් සහය ඉතා ඉහළින් අගය කරන බවය. චීන රජය ලබාදුන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සෘජු ආයෝජන ගෙවී ගිය කාලයටත් වඩා ඵලදායී ලෙස ශ්‍රී ලංකාව ප්‍රයෝජනයට ගන්නා බව මෙහිදී ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර සිටි අතර ඊට ඉහළ ප්‍රතිචාර දැක්‌වූ චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ දෙරටේ දිගුකාලීන මිත්‍රත්වය ඉදිරියේදී තව තවත් තහවුරු කරන බවයි. පසුගිය ජනාධිපතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් ජනතා නායකයෙකු ලෙස රටේ අභ්‍යන්තර කටයුතුවලදී ගෙන යන දූෂණයෙන් තොර යහපාලන ප්‍රවේශය මෙහිදී චීන ජනාධිපතිවරයාගේ පැසසුමට ලක්‌ව තිබේ. වඩා වැඩි ප්‍රතිලාභ ගෙන දෙන සංවර්ධන සහයක් පෙරටත් වඩා ශ්‍රී ලංකාවට ලබා දෙන බව මෙහිදී පැවසූ චීන ජනාධිපතිවරයා සාර්ක් රටවල් සමග සහයෝගීතා වැඩ පිළිවෙලකටද එකඟතාව පළ කර ඇත. ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට එල්ල වන මානව හිමිකම් චෝදනාවලදී ශ්‍රී ලංකාවට උපරිම සහයක් තව දුරටත් ලබා දෙන බව ද චීන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමුවේ අවධාරණය කර තිබේ.
Check Also
චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?
මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...
සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි
මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...