-චීන රජයට ශ්‍රී ලංකාව රුපියල් කෝටි 67,000 ක මුදලක් හෙවත් ඇමෙරිකානු ඩොලර් බිලියන පහක ණයක් පවති. ඒ සියලු ණය ද්විපාර්ශ්වීය එකඟත්වයෙන් ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත ලබාදුන් ණය බව චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ චීන සංචාරයේදී, චීන රජයෙන් ලබාදුන් ණය පිළිබඳව සලකා බලන බව ප්‍රකාශ කරන ලදී. එම ණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාද ඉදිරියේදී චීන සංචාරයක නිරතවීමට නියමිතව ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා හුආ චුයිනින්ග් මහත්මිය මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කරන්නේ ද්විපාර්ශ්වීය අන්‍යෝන්‍ය ප්‍රයෝජනය යන මූලධර්මය යටතේ ලබාගත් මෙම ණය ශ්‍රී ලංකාවේ සංවර්ධනයට උපකාරී වනු ඇති බවයි. එම ‘ණය සමස්ත ජාතිය හා ජනතාව වෙනුවෙන්ය බවයි. එය ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික සංවර්ධනයට ධනාත්මක කාර්යයක් ඉටුකරන ලද බවයි.
Check Also
අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්
බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ...
සන්ධානය දෙදරයි – ශ්‍රිලනිපය ඉවත් වෙයි
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ...