13.1 C
London
Friday, November 14, 2025
spot_img

දරුවන්ට වස මිශ්‍ර චොකලට් හා බිස්කට් දීලා

පන්විල, ‍පොලිස් වසමේ ගෝමරය, තවලන්තැන්න ප්‍රදේශයේ කුඩා දරුවන් දෙදෙනකු විස සහිත ද්‍රව්‍යයක් අඩංගු චොකලට් හා බිස්කට් ආහාරයට ගැනීමෙන් පසු එක් දරුවෙක් මියගොස් අනෙක් දරුවා රෝහල්ගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම චොකලට් හා බිස්කට් ලබාදුන් බව කියන අත්අඩංගුවට පත් අසල්වැසි කාන්තාව තෙල්දෙණිය වැඩබලන මහේස්ත්‍රාත් සරත් ප්‍රේමකුමාර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි මස 03 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු තුනහමාරක වයසැති පිරිමි දරුවෙක් වන අතර දැඩි ලෙස අසාධ්‍යව මහනුවර රෝහ‍ලේ ප්‍රතිකාර ගනු ලබන්නේ පස්හැවිරිදි ගැහැනු දරුවෙකි.
මෙම දරුවන් දෙදෙනා පසුගිය 25 වන දින ඔවුන්ගේ නිවසේ මිදු‍ලේ සෙල්ලම් කරමින් සිට ඇත. එදිනම පෙරවරු 10.00 ට පමණ එක්වරම නිවස තුළට පැමිණි වයස අවුරුදු තුනහමාරක පිරිමි දරුවා දෙපා පණ නැතිව නිවස තුළ ඇද වැටී තිබේ. ඒත් සමගම නිවසට දිව ආ වැඩිමල් දියණිය තමාගේ උගුර හා බඩ දැවිල්ල බව කියමින් ඇයද නිවස තුළ ඇද වැටී තිබේ. ඉන්පසු වහා ඔවුන්ගේ දෙමාපියන් දරුවන් දෙදෙනා මඩොල්කැ‍ලේ රෝහල වෙත ගෙන ගොස් ඇති අතර එහිදී කුඩා පිරිමි දරුවා ජීවිතක්ෂයට පත්ව තිබේ. වැඩිමල් දරුවා වහා මහනුවර මහ රෝහලට මාරු කර යවා ඇත.
මෙම දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ වෛද්‍යවරයා පවසා ඇත්තේ මෙම දරුවගේ සිරුර තුළට විස වර්ගයක් ඇතුළු වීම නිසා මෙම මරණය සිදුව ඇති බවයි.
මෙම සිද්ධිය පිළිබඳව පන්විල ‍පොලීසියේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක සමන් අංගම්මන උප‍පොලිස් පරීක්ෂක ජිනදාස වෙදගෙදර ඇතුළු ‍පොලිස් නිලධාරීන් පිරිසක් පරීක්ෂණ පවත්වති.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles