මහින්ද පරදින බව ලියූ රාවය කර්තෘ රහස් පොලිසියට

ආරක්ෂක අමාත්‍යංශයෙන් යැයි කියා ගත් පිරිසක් රාවය අලවි නියෝජිතයන් බිය වද්දා තොරතුරු ලබා ගෙන..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා පැය දෙකහමාරක් පමණ තමාගෙන් ප්‍රශ්න කළ බව රාවය පුවත්පතේ කර්තෘ කේ ඩබ්ලිව් ජනරංජන මහතා පවසයි. ජනාධිපතිවරණය පිළිබඳ තම පුවත් පතේ පළ කළ ලිපියක් ඊට හේතු වී ඇති බව ඔහු බීබීසීයට කියා සිටියේය.

පසුගිය නොවැම්බර් තිස් වනදා රාවය පුවත්පතේ සිරස්තලය වූයේ ‘මෛත්‍රීට 59% මහින්දට 41%යි. බුද්ධි ලොක්කා ඉවතට යන්නයි. එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳ ලැබුණු තොරතුරු පදනම් කර ගනිමින් රජයේ බුද්ධි අංශ ප්‍රධානියා විසින් සකසන ලද වාර්තාවක් ඉහත කී ප්‍රධාන සිරස්තලයට පසු බිම වූ බව ජනරංජන මහතා පැවසුවේය.

බුද්ධි අංශ වාර්තාවෙන් අසතුටට පත් ජනාධිපතිවරයා විසින් රජයේ බුද්ධි අංශ ප්‍රධානියා ධුරයෙන් ඉවත් කර ඇති බවත් ඉහත කී පුවත්පත් ලිපියේ සඳහන් විය.

එම වාර්තාව සත්‍ය වාර්තාවක් බව තවමත් වගකීමකින් යුතුව කියා සිටින්නේද යන්න බීබීසීය විමසූ අවස්ථාවේ රාවය කතුවරයාගේ පිළිතුර වූයේ‘ අනිවාර්යයෙන්ම අපට ලැබී තිඛෙන තොරතුරු අනුව එම වාර්තාවේ සත්‍යතාවය පිළිබඳ කිසිම අභියෝගයක් එල්ල වෙලා නැහැ යන්නයි.

ඉහත කී ලිපිය පළ වීමෙන් අනතුරුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයෙන් යැයි කියා ගත් පිරිසක් පැමිණ කොළඹ අවට සහ ආනමඩුවේ රාවය අලවි නියෝජිතයන් බිය වද්දා තොරතුරු ලබා ගෙන ඇති බවත් රාවය කර්තෘ කේ ඩබ්ලිව් ජනරංජන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

බීබීසී

Check Also

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...

ජනපති මැදුරේ මන්දිරය ගැන මහින්ද කියයි

( අම්ත් මධුරංග ) 2015-10-25 ජනාධිපති මන්දිරයේ තිබුණේ භූගත මන්දිරයක් නොව යුද සමයේදී සාකච්ඡා පැවැත්වූ ...