-ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට නීතී විරෝධීව ගෙන්වන ලද හොර සිගරැට් තොගයක් ශ්‍රී ලංකා රේගුව මගින් අත්අඩංඟුවට ගෙන තිබේ. එය රුපියල් කෝටි 13 ක් වටිනා විදේශීය දුම්වැටි ලක්ෂ 44 ක් බව ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ෂණ අංශය පවසයි. ආයෝජන මණ්ඩල අනුමැතිය ලත් මාකඳුර පිහිටි රෙදි සෝදන කුඩු ගෙන්වන ආයතනයක නමට මේ සිගරට් තොගය ගෙන්වා තිබේ. පසුගිය වසරේ දෙසැම්බර් මස 09 දින ඩුබායි ජබෙල් අලි වරායේ සිට ආනයනය කර ඇති මෙම කන්ටේනරය පිළිබඳ සැක සිතූ රේගු මධ්‍යම විමර්ශන අංශයෙන් එය අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී මෙම දුම්වැටි තොගය හමුවී ඇත.මෙම දුම්වැටි තොගය ආනයනය කිරීමෙන්
රජයට රුපියල් කෝටි 25 කට ආසන්න බදු මුදලක් රජයට අහිමි වී ඇත.
