ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් හිරියාල ආසන්නයේ තිත්තවැල්ල මැටි භාණ්ඩ නිෂ්පාදන ගම්මානයෙහි පොදු පහසුකම් මධ්‍යස්ථානයක් විවෘතකොට වසර පහකටත් වැඩි කලක් ගතවී ඇතත්, එහි සවිකොට ඇති යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කර භාවිතා කරන ආකාරය පිළිබඳ පුහුණුවක් එම ගම්මානයෙහි කාර්මිකයන්ට මෙතෙක් ලබා දී නැත.
ග්‍රාමිය කර්මාන්ත ගම්මාන දහසක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 67 ක පමණ වියදමින් යන්ත්‍ර සූත්‍ර ද ඇතුළුව මෙම ගොඩනැගිල්ල ඉදිකර විවෘතකොට ඇත්තේ 2009.02.11 වැනිදා එවකට ග්‍රාමිය කර්මාන්ත හා ස්වයං රැකියා ප්‍රවර්ධන ඇමතිව සිටි එස්.බී. නාවින්න මහතා විසිනි.
මෙහි මැටි ඇඹරීමේ හා පදම් කිරීමේ සහ විසිතුරු මැටි භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ යන්ත්‍ර තුනක් සහ තවත් උපාංග රැසක් සවිකොට ඇති අතර එම ගම්මානයෙහි මැටි කාර්මිකයින් සියළු දෙනාගේම මැටි භාණ්ඩ නිෂ්පාදන කටයුතු සඳහා මේ යන්ත්‍ර පොදු වශයෙන් යොදා ගැනීමට ඉඩකඩ ලබාදීම මෙය විවෘත කිරීමේ අරමුණ වී තිබේ. එමෙන්ම ඔවුන් විසින් පාරම්පරිකව දෑතෙහි සවියෙන් කරගෙන එන මැටි වලං නිෂ්පාදනයෙන් ඔබ්බට ගොස් නවීන තාක්ෂණික උපක්‍රම භාවිතාකොට තරු පහේ හෝටල් පවා අලංකාර කරන විසිතුරු මැටි භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොමු කරවීම අනෙක් අරමුණ වී ඇත.
Check Also
චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?
මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...
සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි
මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...