පුත්තලම කල්අඩිය බෝධිරාජපුර ප්‍රදේශයේ වයස අවුරුදු 17ත් හැවිරිදි තරුණියක්ව ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාව මත අදාල තරුණියගේ පෙම්වතා බව කියන වයස අවුරුදු 24 හැවිරිදි තරුණයෙකු හා එම වින්දිත තරුණියට එදිනම තවත් තරුණියින් දෙදෙනෙකු විසින් සිදු කර ඇති බරපතල ස්ත්‍රී දූෂණයට සම්බන්ධ තවත් සැකකාර තරුණයින් දෙදෙනෙකු සැකපිට පුත්තලම මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ නිළධාරින් පිරිසක් විසින් (9) වන දින අත් අඩංගුවට ගෙන තිබුණි.
මෙසේ පොලිස් අත් අඩංගුවට පත්ව තිබුණේ අදාල තරුණියගේ පෙම්වතා යැයි පැවසෙන පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ පදිංචි (24) හැවිරිදි තරුණයෙකු හා පුත්තලම සේවන්තිව් ප්‍රදේශයේ පදිංචි 19 හා 21 වයස් කාණ්ඩවල පසු වූ තරුණයින් බව පොලිසිය අනාවරණය කරගෙන ඇති බව කියයි.
බරපතල ලෙස ස්ත්‍රී දූෂණයට ලක්ව ඇති වින්දිත දැරිය කල්අඩිය බෝධිරාජපුර ප්‍රදේශයේ පදිංචි තරුණියක් බවත්, අදාල තරුණිය පුත්තලම නගරයේ පුද්ගලික පරිගණක අධ්යාපපන ආයතනයක පරිගණක පාඨමාලාවක් හදාරමින් සිටි අතර, පාඨමාලාව නිමාකර ආපසු නිවස බලා යමින් සිටිය දී. මෙම තරුණියගේ පෙම්වතා යැයි පැවසෙන සැකකාර තරුණයාට අයත් යතුරු පැදියකින් පුත්තලම සෙගුවන්තිව් ප්‍රදේශයේ පාළු පොල් ඉඩමකට කැටුව ගොස් එහිදී දූෂණයට ලක් කර ඇති බව කියයි.
මෙම සැකකාර පෙම්වතා යැයි පවසන තරුණයා විසින් වින්දිත තරුණියගේ රහසග ප්‍රදේශ නිරූපනය වන අයුරින් පාළු වත්තතේ සිදු කර ඇති ස්ත්‍රී දූෂණය සියසින් දුටු අනෙක් සැකකාර තරුණයින් දෙදෙනා විසින් ඔවුන්ට අයත් ජංගම දුරකථනයක් ආධාරයෙන් අසැබි දර්ශණ ඇතුළත් වීඩියෝ පටිගත කරනය සිදු කර ඇති බව කියයි.
පසුව මෙම සැකකාර තරුණයින් දෙදෙනා අදාල තරුණිය හා ඇගේ පෙම්වතා යැයි පැවසෙන සැකකාර තරුණයාට තම ජංගම දුරකථනයෙන් පටිගත කල අසැබි දර්ශණ ඇතුළත් වීඩියෝ පට පෙන්වීමෙන් පසු එම දර්ශණ අන්තර් ජලායට මුදාහැරීමට කටයුතු කරන බවට මෙම තරුණියව බිය ගන්වා ඇති බවත්, පසුව පෙම්වතා යැයි පැවසෙන සැකකාර තරුණයා බියට පත්ව මෙම තරුණිය පාළු පොල් වත්තේ දමා හොර රහසේ පලා ගොස් ඇති බව කියයි.
පසුව මෙම සැකකාර තරුණයින් දෙදෙනා විසින් අදාල වින්දිත තරුණියව දස වතාවකට වැඩි ප්‍රමාණයක් බරපතල ස්ත්‍රී දූෂණයට ලක් කර ඇති බවට ඇය පොලිසියට ප්‍රකාශ කර ඇති බව කියයි.
ස්ත්‍රී දූෂනයට ලක් වින්දිත තරුණිය මේ වන විට පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත්, ඇය අධිකරණ වෛද්‍ය නිළධාරින්ගේ පරික්ෂණ සදහා යොමු කිරීමට කටයුතු කිරීමට නියමිත බව රෝහල් විශ්වාස ආරංචි මාර්ග සදහන් කරයි.