Wednesday , 29 November 2023

කොළඹ 80 Club එකේ 62 කුමන්ත්‍රණය සැලැසුම් කළ හැටි

හිටපු තානාපතිවරයකු හා ලේඛකයකු වූ ටී.ඩී.එස්.ඒ. දිසානායක මහතා කූප්‍රකට 1962 කුමන්ත්‍රණයේ පෞද්ගලික මතක සටහන් සිහිපත් කරයි. ඔහුගේ පියා වූ ප්‍රකට පොලිස් නිලධාරියා සී.සී. “ජන්ගල්” දිසානායක මහතා ඇතුළු තවත් කීප දෙනෙක් ඊට සම්බන්ධ වී සිටියහ. මේ ඒ සම්බන්ධයෙන් ඔහු ලියූ “ද පොලිටික්ස් ඔෆ් ශ්‍රී ලංකා” නමැති කෘතියේ 3 වැනි කාණ්ඩයේ උද්ධෘත කීපයක අනුවාදනයකි.

මගේ පියාත් කර්නල් එෆ්.සී. ද සේරම් මහතාත් ඔවුන්ගේ යටත් සේවකයන් විසින් ගෞරවාදරයෙන් සලකනු ලැබූ විරල හැකියාවන්ගෙන් අනූන වූ නිලධාරීහු වූහ. ඒ බව මුලින්ම හඳුනා ගනු ලැබුවේ බි්‍රතාන්‍යයන් විසින් දෙවන ලෝක සංග්‍රාම සමයේදීය. ඔවුහු එබැවින් බි්‍රතාන්‍යයන් විසින් දිරිමත් කරනු ලැබූහ.
1942දී බුරුමයත්, මලයාවත් හා සිංගප්පූරුවත් සතුරන්ට යටත් වීමෙන් පසුව ලංකාවද 1942දී ජපනුන් විසින් අල්ලාගනු ලැබුවහොත් බි්‍රතාන්‍ය චරපුරුෂ සේවය සමඟ රහසිගතව කටයුතු කිරීමට ඔවුහු දෙදෙනා තෝරා ගනු ලැබ සිටියහ.

1948දී ලංකාව බි්‍රතාන්‍ය කිරීටයෙන් නිදහස ලබාගත් පසුව මෙම නිලධාරීන් දෙදෙනා විසින් ගොඩනඟා ගනු ලැබ තිබූ ජනප්‍රියත්වය ඔවුහු රැකියාව කළ රාජ්‍ය සේවාවන් දෙකේ සංවර්ධනය සඳහා උපයෝගි කරගත්හ. උදාහරණයක් වශයෙන් 1953 හර්තාල් සමයේදී කොළඹ නගරය මහජනතාව වෙනුවෙන් ආරක්‍ෂාකාරී ස්ථානයක් බවට ඔවුහු දෙදෙනා පත් කළහ. එවක මගේ පියා කොළඹ පොලිස් අධිකාරිවරකු වශයෙන්ද ඔහුගේ මිතුරා ලංකා යුද හමුදාවේ කීර්තිමත් රෙජිමේන්තුවලින් එකක් වූ ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියකු වශයෙන්ද කටයුතු කළහ. ඔවුන් දෙදෙනා කෙතරම් මැනවින් කොළඹ නගරයේ ආරක්‍ෂාව හර්තාල් සමයේදී සහතික කළේ දැයි කිවහොත් සමාජ විරෝධී පුද්ගලයෝ (වැඩ වර්ජන කරන්නන් එවක හැඳින්වනු ලැබුවේ ඒ අයුරිනි) බියෙන් පලාගියහ.
ඔවුහු දෙදෙනා අගමැති ඩඩ්ලි සේනානායක මහතා විසින් පසසනු ලැබූහ. ඔවුන් දෙදෙනා සිය ජීවිත කාලයේදී පොලිසිය සහ යුද හමුදාව වෙත ඔවුන් තුළ වූ දැවැන්ත බලපෑම රටට අහිතකර ලෙස හුදෙක් එක් වරක් පමණක් ඔවුහු භාවිත කළහ. ඒ 1962දී ලේ වැගිරීමකින් තොර හමුදා කුමන්ත්‍රණයකින් නීත්‍යනුකූල ලෙස මහජන ඡන්දයෙන් තේරී පත්වූ අගමැති සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුව පෙරළා දැමීමට ගත් තීරණයයි.

ඔවුහු දෙදෙනාම විශ්වවිද්‍යාල උපාධිය ලැබූ පුද්ගලයෝ වූහ. එමෙන්ම තමන් දෙදෙනා දේශපාලනය ගැන මළ පොතේ අකුරක්වත් නොදන්නන් බවද පිළිගත්තෝ වූහ. එබැවින් තමන් දෙදෙනා බලය තමන් අතට පවරා ගෙන ලංකා ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යෑම අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතාට පැවරීමට තීරණය කොට සිටියහ.
ඒ දවස එනම් 1962 ජනවාරි 27 වැනිදා සෙනසුරාදා මට කිසි දිනෙක අමතක කළ නොහැකිය. මගේ මවුපියන්ගේ නිවසේ මා ගෙවන අන්තිම සති අන්තය එය විය. ඊට හේතුව මා පරිවාසගාමී සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස තෝරාගනු ලැබ සිටීමයි. ඊළඟ සතියේදී මා කටුකුරුන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලැබීම සඳහා යා යුතු විය.

මගෙන් වියෝවීම මගේ මවුපියන්ට දරාගත නොහැකි වූ දුකක් වූ අතර මගේ අම්මා සිටියේ දවස මුළුල්ලේ පාහේ කඳුළු පුරවාගත් දෑසිනි. ඊට හේතුව මගේ බාලම නැගණිය වූ කාර්මිගේ (රවි කරුණානායකගේ මව) විවාහය සෙනසුරාදා දිනයේදී පැවැත්වීමය. මගේ නිදන කාමරය ඇයට ලැබුණු විවාහ මංගල්‍ය තෑගිවලින් පිරී තිබිණි. එබැවින් පහත මාලයේ මගේ පියාගේ ඇඳුම් අඳින කාමරයට ගොස් පොලිස් අභ්‍යාස විද්‍යාලයට යෑමට ගමන් මලු ඇඳුම් කැඩුම්වලින් පුරවා ගැනීමට මට සිදුවිය.
ඒ කාමරයේ සිටි මට කෑම කාමරයේ සිටි තම නිලධාරීන්ට මගේ පියා කතා කරනු මට ඇසිණ. මා ඒ කතාබහට හොරෙන් සවන්දීගෙන සිටියා නොවේ. එහෙත් ඔවුන් කතාකමින් සිටි දේවල් මට නොඇසුණි නම් මා නිසැකවම බිහිරකු යැයි සහතික කරනු ලැබ පොලිසියට බැඳීමට වෛද්‍ය විද්‍යානුකූලව නුසුදුසු පුද්ගලයකු යැයි තීරණය කළ යුතුව තිබිණි.

අපේ නිවෙස වූ කොළඹ 7 ලොන්ඩන් පෙදෙසේ සී-37 දරන පොලිස් බංගලාවේ එදා සවස දැඩි නිහ¾ඩියාවක් රජ කළේය. ඊට හේතුව මගේ පියා තකහනියක් මගේ මව සහ අවිවාහක නැගණියන් දෙදෙනා කාර්මිගේ මධුමසයෙන් පසුව නිවෙසට පෙරළා පැමිණීමේ උළෙල වෙනුවෙන් අවශ්‍ය බඩුමුට්ටු මිලදී ගැනීමට සාප්පු සවාරියක් යවා තිබීමයි.
එදින අප නිවෙසට පළමුවෙන්ම පැමිණියේ සහකාර පොලිස් අධිකාරී ටෙරී විජේසිංහයි. ඔහු මගේ පියාගේ පෞද්ගලික සහායක විය. මගේ මතකයේ හැටියට ඔවුන්ගේ සංවාදය මෙසේ අවසන් විය.

“මට අහන්න වෙනත් ප්‍රශ්න කිසිවක් නැහැ සර්.”
“බොහොම හොඳයි. විජේසිංහ. පැය 22.59ට රජ ගෙදරදී මට වාර්තා කරන්න.”
“එතැන සියලුම මෙහෙයුම් කටයුතු භාරව සිටින්නේ මම. රැකවල්කරුවන් යම් හෙයකින් ඔබට අභියෝග කළහොත් රහස් සංකේතය “ඩවුබිගින්” (1912-1937 වකවානුවේදී පොලිස්පති ධුරය දරුවේ ශ්‍රීමත් හර්බට් ඩවුබිගින්ය) බව මතක තබාගන්න.”
සහකාර පොලිස් අධිකාරී ටෙරී විජේසිංහ මහතා පිටත්ව ගිය පසුව සහකාර පොලිස් අධිකාරී ලයනල් ජීරසිංහ මහතා පැමිණියේය. ඔහු පැමිණෙන්නට ඇත්තේ නිල ඇඳුමෙන් සහ පැති අවියද ඇතැතිව විය යුතුය. (ඔහු මට නොපෙනිණි. එහෙත් ඔවුන්ගේ සංවාදය මට පැහැදිලිව ඇසිණි.)
මගේ පියා මෙසේ කීය.

“ජීරසිංහ, මට කියන්න අමතක වුණා කනගාටුයි. මගේ කිසිම නිලධාරියකු අද රෑ පැති අවියවත් දරන්නේ නැහැ. ඔබේ රිවෝල්වරය ගෙදර තබා එන්න.”
“හොඳමයි සර්.”
“මෙය සැබැවින්ම මහත්වරුන්ගේ කුමන්ත්‍රණයක්. දැනට අවුරුදු කීපයකට උඩදී ජෙනරාල් ආයුබ් ඛාන් පාකිස්තානයේ කළේත් එයයි. අද රෑ පැය 22.00 සිට පැය 1.00 දක්වා මම ඔබට දැනටමත් පවරා ඇති රාජකාරිය ඉටු කිරීමෙන් පසුව ඔබ අරලියගහ මන්දිරයේදී යුද හමුදාවට උදව් කළ යුතුයි. ඔබ කරුණාකර ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් විලී ඒබ්‍රහම්ස්ට වාර්තා කරන්න. රහස් සංකේතය වන්නේ ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ පා ගමන් තාලය වන ද බි්‍රටිෂ් ගේ‍රනේඩියර් යන්න.”
“අගමැතිනිය හා ඇගේ දරුවන් විශේෂයෙන්ම ඇගේ මනා පෙනුමකින් හෙබි දියණියන් දෙදෙනා මහත් සැලකිල්ලෙන් යුතුව රැකබලා ගන්න. බණ්්ඩාරණායක පවුලට කෑම බීම කෙළින්ම ගාලුමුව‍ෙදාර හෝටලයෙන් ඇනවුම් කළ හැකියි. ඔවුන්ට සිතැඟි ඕනෑම වෛද්‍යවරයකුට ඔවුන් බැලීමට ඕනෑම වේලාවකදී අරලියගහ මන්දිරයට පැමිණිය හැකියි.”

“ජීරසිංහ ඔබ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සැබෑ මහත්මයෙක්. ඔබ රෝයල් කෙලීජියට ගියා නම් ඊටත් වඩා හොඳ මහත්මයෙක් වෙන්න තිබුණා (මහා හඩින් හිනා) අද රාත්‍රී පැය 1.00ට පටන් අරලියගහ මන්දිරයේ පොලිස් මෙහෙයුම් භාරව කටයුතු කිරීමට මා ඔබ යොදවනවා.”
“සර්, ඔය සිරිමාවෝ බණ්ඩාරනායකට මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ?”
“ඒක තමයි අපට තියෙන හිසරදය. කර්නල් එෆ්.සී. ද සේරම් ඔබ දන්නා පරිදි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනගත් හොඳ ක්‍රීඩකයෙක්. ඔහු ඔක්ස්ෆර්ඩ්හි ඔහුගේ මිතුරු මිතුරුයන්ට කතා කොට වැඩි ප්‍රමාදයකින් තොරව සුනේත්‍රා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළු කරාවි. ඇය එහෙ යන්න පුල පුලා බලා ඉන්නෙ.”
“ඒ වගේම අපට චන්ද්‍රිකායි, අනුරයි එංගලන්තයේ ඉගෙනගැනීම සඳහා එහි යැවීමට පොළඹවා ගන්නා පුළුවන් වේවියැයි මා හිතනවා. ඊට පස්සේ ඇයටද (සිරිමා) එංගලන්තයට ගොස් ආණ්ඩුවෙන් රන් පවුම්වලින් ගෙවනු ලබන විශ්‍රාම වැටුපෙන් දරුවන් වෙනුවෙන් ගේ‍ෙදාර බලාගන්න පුළුවන්. එයා හරි දක්‍ෂයි ගෙදර‍ෙදාර බලා ගන්න. හැබැයි ආණ්ඩුවක් ගෙනයන්න නම් එයා කොහෙත්ම සුදුසු නැහැ. (මහා හඩින් සිනා)

“සර් මට අරලියගහ මන්දිරයේදී නිශ්චිත වශයෙන්ම කරන්න තියෙන්නෙ මොනවද?”
“පැය 23.59ට පමණ භට සේනා අරලියගහ මන්දිරය වටකරද්දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගෙ මස්සිනා කෙනකු වන කර්නල් එෆ්.සී. ද සේරම් අගමැතිනියට පෞද්ගලිකවම කතා කොට ඇයට යටත් වෙන්න යැයි කියාවි.”
“හමුදා කුමන්ත්‍රණය ඉවර වූ පසුව ලංකාව භාරව සිටින සේනාධිපති මේජර් ජෙනරාල් එෆ්.සී.ද සේරම් සියලු හමුදා ක¼දවුරුවල විධානාධිපති බවට පත්වෙනවා. ඔහු “අරලියගහ මන්දිරයේ” සියලු වැඩකටයුතු පෞද්ගලිකව සොයා බලා අගමැතිනිය අපේ අමුත්තිය ලෙස රැකබලා ගනීවි.”
“වරක් කර්නල් එෆ්.සී. ද සේරම්ගේ අණසක යටතේ පැවැති ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සිටින ඉස්තරම් මහත්වරුන් අරලියගහ මන්දිරයේ රාජකාරියට යොදවනවා. පරිපූර්ණ මහත්මයකු වශයෙන් ඔබට හැකි අයුරින් යුද හමුදාවට සහාය වන්න.”

“බොහොම ස්තූතියි! සර්.”
සහකාර පොලිස් අධිකාරි ජීරසිංහ පාවහන් පැළඳි සිය දෙපා එකිනෙකාට ස්පර්ශ වන අන්දමින් හප්පා මගේ පියාට ආචාර කරනු මට ඇසිණ.
ඊළඟට පැමිණියේ කොළඹ පොලිස් අධිකාරී ස්ටැන්ලි සේනානායකයි. ඔහු මගේ පියාගේ සිත දිනාගත් ජේ‍යෂ්ඨ නිලධාරියා විය. සිය ගෝලයා කවදා හෝ පොලිස්පති වනු ඇතැයි මාගේ පියා අවුරුදු ගණනාවක් තිස්සේ අනාවැකියක් පළකරන්නාක් මෙන් කීමට පුරුදුව සිටියේය.
ඉතා මෑත කාලයේදී ඔහු මා ඉදිරියේ මෙසේ කීමටද පුරුදුව සිටියේය.
“සේනානායක ඔබ පොලිස්පති වන විට මා මැරිලා ගිහින් සිටින්න පුළුවන්. කරුණාකර මගේ පුතාව රැකබලාගන්න. මේ බූරුවාට කියන දේ තේරෙන්නෙ නැහැ. මා වගේ එයත් විද්‍යා උපාධියක් කළා. නමුත් මිනිහා වැඩිපුරම උනන්දුවක් දක්වන්නේ දේශපාලන විද්‍යාවට.”
“මිනිහට පුළුවන් ජෝන් එෆ්. කෙනඩි, ජවහර්ලාල් නේරු, නසාර් සහ කියුබාවේ අර රැවුල්කාරයා වගෙ මිනිස්සුන්ගේ කියුම් කෙරුම් ඔයාටයි මටයි පොලිස් ආඥාපනත කට පාඩමින් කියන්න පුළුවන් වගේ කටපාඩමින් කියන්න. (මගෙන් මහ හඩින් සිනා)”

එදා සවස ඔහු වඩාත් බැරෑරුම් ලෙස ස්ටැන්ලි සේනානායක සමග කතා කළේය.
“සේනානායක අද උදේ ගෝල්ෆේස් පිටියේ අපි ඇවිදිද්දී කතා කරපු දේවල් ගැන තමයි දැන් මම තවදුරටත් කතා කරන්නේ. ඔබ මේ කුමන්ත්‍රණයට අද උදේ ඇතුළු කරගත්තේ හොඳ හේතුවක් උඩ.”
“අද රාත්‍රී පැය 22.00ට ස්ථාන ගතවීමේ නියෝගය මා නිකුත් කරනවා. පැය 22.30ට සියලු ප්‍රධාන මාර්ග එළිපෙහළිව තැබීමට කොළඹ පොලිසි කටයුතු කළ යුතුයි. සහකාර පොලිස් අධිකාරී ජෝන්පිල්ලේ (රථ වාහන) ඒ මෙහෙයුම භාරව කටයුතු කළ යුතුයි.”
“කර්නල් එෆ්.සී. ද සේරම් සිය භට සේනා හා සන්නද්ධ රථ පැය 23.00 පටන් විගස ඉදිරියට ගමන් කරවාවි.”
“පැය 1.00 වෙද්දි සියලු හමුදාමය මෙහෙයුම් අවසන් වෙනවා. අග්‍රාණ්ඩුකාරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර අගමැතිවරිය නිලයෙන් පහකරාවි. සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඒ දෙකම සිදු කිරීමට ඔහුට බලය තිබෙනවා.”

“මේ කුමන්ත්‍රණය සහමුලින්ම ලේ වැගිරීමකින් තොර එකක්. මා නැවතත් කියන්නේ ලේ වැගිරීමකින් තොර එකක්. හරියටම අවුරුදු කීපකට ඉහතදී ජෙනරාල් ආයුබ් ඛාන් පාකිස්තානයේ කළ විදිහට. එනිසා ගැසට් නාමධාරී මගේ නිලධාරීන් පවා අද රෑ පැති අවියවත් දරන්නෙ නැහැ.”
“සර්, මෙම කුමන්ත්‍රණයට සහභාගි වන්නැයි පළමුවැනි වතාවට ඔබතුමා මට අද උදේ ගාලුමුව‍ෙදාර ක්‍රීඩා පිටියේදී කී දේ මා නැවත අවධාරණය කරන්නද?”
“ප්‍රජාතාන්ත්‍රිකව තේරී පත්වූ ආණ්ඩුවක් ලේ වැගිරීම් රහිත හෝ වෙන යම් ආකාරයකින් හෝ එමෙන්ම එය මහත්වරුන් හෝ අන්‍යාකාර පුද්ගලයන් විසින් හෝ කුමන්ත්‍රණයකින් පෙරළාදමනු ලැබීමට මා සහමුලින්ම විරුද්ධයි.”

“මේ ආණ්ඩුව ජනප්‍රසාදය අතින් ඉතා පිරිහී ඇති බවට මෙන්ම බණ්ඩාරනායක මහත්මියට ආණ්ඩුවක් ගෙන යෑමට පළපුරුද්දක් නැති බවට ඔබතුමා දරන අදහසට මා එකඟයි. මේ රජය ඉවත් කළ යුතු නම් ඉතා ඉක්මනින් මිස ප්‍රමාදව නොව මහ මැතිවරණයකදී පරාජය කළ යුතුයි.”
“ඒ හැරුණු විට සර්, මා රත්නපුරයේ තරුණ සහකාර පොලිස් අධිකාරිවරයකු වශයෙන් සේවය කරද්දී සබරගමුව දිසාව භාර පොලිස් අධිකාරීවරයා වශයෙන් මට ඔබතුමා ඉගැන්වුවේ නීති විරෝධී අණක් පිළිපැදීම අනවශ්‍ය බව.”

“ඔබ එදා එහෙමයි කිව්වෙ. සේනානායක අන්න අතන ඉන්නවා කටින් සෙම වගුරුවන පිස්සු බල්ලෙක්. ඔබේ රිවෝල්වරය එළියට අරගෙන මැරෙන්නම උෟට වෙඩි තියන්න. එය නීත්‍යනුකූල නියෝගයක් බවයි ඔබ කීවේ.”
“අනිත් අතට ඔබ එදා මෙහෙමත් කිව්වා. අන්න අතන උප පොලිස් පරීක්‍ෂකවරයෙක් ඉන්නවා. මම මිනිහට කැමැති නැහැ. ඔබේ රිවෝල්වරය එළියට අරගෙන මැරෙන්නම එයාට වෙඩි තියන්න. ඒක ඔබ කිව්වේ නීති විරෝධී නියෝගයක් බව එවැනි නියෝගයක් ඔබ ක්‍රියාත්මක කළ යුතු නැහැ. ඔබ එහෙම කළොත් අප දෙදෙනාටම මිනීමැරුම් චෝදනා පැවරෙයි.”

“කරුණාකර සර් මේක අහන්න. මා ඔබ මහත්සේ අගය කරන නමුත් ඔබ විසින් නිකුත් කරන ලද නීති විරෝධී නියෝගයක් මට ක්‍රියාත්මක කළ නොහැකියි.”
මගේ පියා ඉක්බිතිව ස්ටැන්ලි සේනානායක තම අණට නම්මා ගැනීමට තැත් කළ නමුත් එය නිෂ්ඵල ව්‍යායාමක් විය. එදින මධ්‍යම රාත්‍රි පසුවී මද වේලාවක් ගතවත්ම යුද හමුදාවේ නාවික හමුදාවේ හා ගුවන් හමුදාවේ අනුඛණ්ඩ පැමිණ අපේ නිවෙස් වටකොට මගේ පියා අත්අඩංගුවට ගත්හ.
ඔහු රැගෙන යද්දී ඔහු සිය ජීවිතයේ අවසාන වරට සිය නිල ඇඳුම ඇඳ සිටියේය.
පසුදින උදේ මට වැලිකඩ සිර ගෙදරින් දුරකථන පණිවුඩයක් ලැබිණි. මගේ පියාගේ ඇඳුම් පැළැඳුම් සහ සබන්, තුවාය, දත්බෙහෙත් ඇදියත් රැගෙන අවුත් ඔහුගේ නිල ඇඳුම ආපසු රැගෙන යන්න යැයි ඉන් කියැවුණි.

ඔහුගේ ඇඳුම් පැළඳුම් හා පෞද්ගලික ශෝධන ද්‍රව්‍ය භාරදී අවසන් වෙද්දී ඉතා සමීප මානයක වෙඩි දෙකක් තබන ශබ්දයක් ඇසුණි. මා සිතුවේ එය මරණීය දණ්ඩනය සිදුකළ වෙඩි තැබීමේ කණ්ඩායමක් බවයි. මම ක්ලාන්ත වීමි.
මට යළි සිහිය ආ විට ඒ අසල බල්ලන් වෙඩි තබා මරන්නකු සිටි බව පවසා මගේ බිය තුරන් කරනු ලැබිණි. (ඔහු සිත් තැවුලින් සිටින සෙසු අයගේ ළඟම ඥාතීන්ද බියවද්දනු ඇතැයි සිතා බන්ධනාගාර අධිකාරිය විසින් විගස පලවා හරිනු ලැබීය.)
ඒ වන විට සහකාර පොලිස් අධිකාරිවරුන් වන ජීරසිංහ, ජෝන් පිල්ලේ, කර්නල් සේරම් ද වැලිකඩ සිරගෙදර ඇතුළට ගෙනඑනු ලැබ සිටියහ. යුද හමුදාවේ හා නාවික හමුදාවේ අධිකාරී ලත් නිලධාරීන් ගැසට් නාමාධාරී පොලිස් නිලධාරීන් සහ එක් සිවිල් නිලධාරියකුද ඇතුළුව මුළු වශයෙන් පුද්ගලයෝ 31 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

ඊළඟ සතියේදී අග්‍රාණ්ඩුකාර ශ්‍රී මත් ඔලිවර් ගුණතිලක රාජකාරිවලින් මුදාහරිනු ලැබීය. ඔහු එංගලන්තයට ගොස් ස්වයං පිටුවහල් මට්ටමෙන් ජීවත් වීමට ඉදිරිපත් විය.
ඒ අතරතුර සහකාර පොලිස් අධිකාරිවරයකු වශයෙන් මගේ පත්වීමේ ලිපිය එනතෙක් බලා සිටියෙමි. ඒ ලිපිය ආවේ නැත.

තුල්සි මුතුලිංගම්

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...