Wednesday , 22 January 2025

කොළඹ බස්වල බෝම්බ පිපිරවූ කොටියා නිදහස්

ශ්‍රී ලංකාවේදී ත්‍රස්තවාදී කටයුතුවල නිරතවීමේ වරදට අන්තර්ජාතික පොලිසිය විසින් අත්‍යවශ්‍ය පුද්ගලයකු ලෙස ‘රතු වරෙන්තුවක්’ නිකුත් කරනු ලැබ තිබූ එල්ටීටීඊ ත්‍රස්තවාදියකු ප්‍රංස පොලිසියට කොටු වී තිබේ. 1978 ජනවාරි 25 වැනිදා කිලිනොච්චියේදී උපත ලබා ඇති ජයන්තන් ධර්මලිංගම් නමැති 35 හැවිරිදි මොහු ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකි.

තම රැකියා ස්ථානයේ ඇති දුර්වල පහසුකම් හා නීති විරෝධීව පුද්ගලයන් රැකියා සඳහා බඳවා ගැනීම් පිළිබඳ පොලිසියට පැමිණිලි කිරීමට මොහු පොලිසියට පැමිණ ඇති අතර එහිදී පොලිස් නිලධාරීන් ක්ෂණිකව මොහු ත්‍රස්තවාදී කටයුතු සඳහා අන්තර්ජාතික පොලිසිය විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති අයකු බවට හඳුනාගෙන ඇත.
පොලිසිය විසින් ධර්මලිංගම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඔහුට ඇති අන්තර්ජාතික වරෙන්තුව පිළිබඳ දන්වා ඇතත් ඔහු ඇප පිට මුදා හරින්නට අධිකරණය කටයුතු කර තිබේ.

සැකකරු ශ්‍රී ලංකාවේදී එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයකුව සිටිමින් ත්‍රස්තවාදි ක්‍රියාවල නිරතවීම හේතුවෙන් ශ්‍රී ලංකා පොලිසියට නඩු පැවැරීම සඳහා මොහු අත්‍යවශ්‍ය පුද්ගලයකු වී සිටි බව ඉන්ටර්නැෂනල් රතු වරෙන්තුවේ සඳහන් වේ.

සංජය දසනායක

Mawbima

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...