12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

මුහුදු තීරයේ යාත්‍රා කරන නැව් නිරීක්ෂණය වඩාත් පහසු මෘදුකාංගයක්

-කොළඹ විශ්ව විද්‍යාලයේ සැලැසුම් සහ පර්යේෂණ අංශයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ යාත්‍රා කරන නැව් නිරීක්ෂණය වඩාත් පහසුවෙන් සිදු කිරීමට හැකි මෘදුකාංගයක් නිර්මාණය කර වෙරළ ආරක්ෂක අංශයට භාරදුන් බව මහාචාර්ය නිහාල් කොඩිකාර මහතා පැවසීය. මිරිස්ස වෙරළ ආරක්ෂක මූලස්ථානයේ එය පිහිටුවා ඇති අතර මෙම මෘදුකාංගය වෙසල් ට්‍රැෆික් මොනිටරින් ලෙස හදුන්වයි. මෙම මෘදුකාංගය උපයෝගි කරගැනීම හේතුවෙන් නිශ්චිත ස්ථානයක නොසිට ජංගම දුරකථනයෙන් සහ පරිගණකය ඔස්සේ ඈත මුහුදේ ගමන් කරන නැව් නිරීක්ෂණය කළ හැකි වේ. මීට පෙර නිරීක්ෂණය සිදු වුයේ රේඩාර් මගිනි. එවිට රේඩාර් ස්ථාපිත ස්ථානයේ සිට එම කාර්ය කළ යුතුව තිබුණි.
මෙම මෘදුකාංගය ජාත්‍යන්තර ඇගයීමටද ලක් වී ඇත. ජාතික කර්තව්‍යයක් ලෙස සළකා මෙය නොමිලේ ප්‍රදානය කර ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles