පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන කාලය තුළ එහි කටයුතු සිදුවන කොළඹ නගරය තුළ හා අනෙකුත් ස්ථානවල මහජන විරෝධතා කටයුතු කිසිවක් සිදුකිරීමට ඉඩ නොදීමට ආණ්ඩුව තීරණය කර ඇති අතර ඒ සඳහා පොලිසිය හා ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී ඇතැ’යි වාර්තා වේ. නොවැම්බර් 12 වැනිදා සිට 17 වැනිදා දක්වා රාජ්‍ය නායක සමුළුවට අදාළ කටයුතු කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් හම්බන්තොට, හික්කඩුව, ගාල්ල හා මහනුවර නගරවලදී පැවැත්වීමට නියමිතය.
පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම හා උසස් අධ්‍යාපනයට ඇති ගැටලූ සම්බන්ධයෙන් විරෝධතා ව්‍යාපාර එම දිනවලදී පවත්වන බව විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංවිධාන ප‍්‍රකාශ කිරීමෙන් පසු සියලූම විශ්වවිද්‍යාලවලට එම කාලයේදී ආණ්ඩුව නිවාඩු ලබාදී ඇත. එසේ වුවද නොවැම්බර් 08 වැනිදා කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී සිය ඉල්ලීම් සම්බන්ධයෙන් විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය දැනටමත් ප‍්‍රකාශයට පත්කර ඇත. විශ්වවිද්‍යාලවලට නිවාඩු ලබාදීම ගැන කරන ලද විමසීමකදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ප‍්‍රකාශ කරන්නේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ සම්මන්ත‍්‍රණවලට හා තරුණ සමුළුවලට සහභාගිවීම සඳහා ශිෂ්‍යයන්ට නිවාඩු ලබා දුන් බවය. එමෙන්ම සමහර ශිෂ්‍යයන් සමුළු නියෝජිතයන්ට මගපෙන්වීම සඳහා හා පරිවර්තක කටයුතු සඳහා සහභාගි වන බවත් එම අවශ්‍යතාවන් සඳහා මෙම නිවාඩු ලබාදීම් සිදුකර ඇති බවත්ය. එහෙත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණගෙන් කරන ලද විමසීමකදී පැවසුවේ පාරවල් අවහිර වන ආකාරයෙන් උද්ඝෝෂණ හෝ පෙළපාළි සිදුකිරීමට කිසිදු ඉඩක් නොතබන බව හා අදාළ කාලය තුළදී සමුළුවේ කටයුතුවලට අදාළ සියලූම පාරවල් නිදහස්ව තැබිය යුතු බවත්ය. පාරවල් අවහිර කිරීම් සිදුකිරීම වළකාලන්නට සියලූ ක‍්‍රියාමාර්ගයන් ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන කාලයේදී කිසිදු උද්ඝෝෂණයක් හෝ විරෝධතා පෙළපාළියක් කොළඹ නගරයේ පැවත්වීමට නොහැකිවනු ඇත. මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී විශ්ව විද්යා ල ආචාර්යවරැන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පැවසුවේ
” මට ආරංචි වුණ විදිහට විශ්වවිද්යානල ශිෂ්යේයන්ට නිවාඩු දීලා තියෙන්නෙ පොදු රාජ්යා මණ්ඩල අධ්‍යයනය කරන්ඩ. ඒකෙ වැඩවලටලු. විහිළුවක්නේ. මේ අය බොරු කියන්නෙ අපි කවුරු කියලා හිතාගෙනද? ඇත්තම කාරණය නම් මේ අය බයයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයො සමුළුව පැවැත්වෙන කාලෙ උද්ඝෝෂණ කරයි කියලා” යනුවෙන්ය.