19.4 C
London
Thursday, June 19, 2025
spot_img

කොළඹ බාලිකා විදුහලක සිසුවියක පැහැරගෙන ගොස් මාස 3ක් තියාගෙන ඉඳලා

කොළඹ බොරැල්ල ප්‍රදේශයේ උසස් කාන්තා විද්‍යාලයක එකොළොස් වැනි වසර ඉගෙනුම ලබන සිසුවියක් පැහැරගෙන ගොස් මාස තුනක පමණ කාලයක් සඟවා ගෙන සිටි බවට සැක කරන තරුණයකු සහ කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය විසින් සැකකරුවන් ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවාය.

බොරලැස්ගමුව සහ ගාල්ල ප්‍රදේශවල පදිංචි තිදෙනකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. දෙහිවල ප්‍රදේශයේ පදිංචි පාසල් දැරිය සැකකරු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන පසුව ඔහු විසින් ඇය පැහැරගෙන ගොස් මාස තුනක කාලයක් ගාල්ල සහ බොරලැස්ගමුව ප්‍රදේශවල රඳවාගෙන සිට ඇත.

මේ පිළිබඳ දැරියගේ මවුපියන් විසින් මිරිහාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පවත්වා සැකකරු සහ දැරිය අත්අඩංගුවට ගෙන එයට අනුබල දුන් බවට සැකකරුගේ මව සහ නැන්දණිය අත්අඩංගුවට ගෙන තිබිණි.

දැරිය පරිවාස භාරයට පත් කළ අතර ඇය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙස විනිසුරුවරිය නියෝග කළාය.

mawbima

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles