19.2 C
London
Monday, May 19, 2025
spot_img

යුද හමුදා ක්‍රීඩා වර්ණ ප්‍රදානය

-‘දේශයේ අභිමානය ජගත් කෙළිබිමට’ යන තේමාව ඔස්සේ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා වර්ණ ප්‍රදානය මේ මස 12දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙයි.එයට සමගාමීව මේ මස 10වැනිදා සිට යුද හමුදා ක්‍රීඩා ඉතිහාසයේ විශේෂ අවස්ථා ඇතුළත් ඡායාරූප ප්‍රදර්ශනයක් 12වැනිදා දක්වා පැවැත්වෙන අතර පිටු 450කින් යුත් යුද හමුදා ක්‍රීඩා ඉතිහාස ග්‍රන්ථය එළිදැක්වීමද සිදු වේ. යුද හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩා ඉසව් 35කදී දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 595ක් වර්ණ ප්‍රදානයේදී ඇගැයීමට ලක්කිරීමට නියමිතය. එයින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 349ක් කැපී පෙනෙන දක්ෂතා දැක්වීම හේතුවෙන් ශූර වර්ණ සම්මානයෙන් පිදුම් ලබති.
පසුගිය වසරේ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ජාත්‍යන්තර තරගවලට සහභාගිවී ඉන් පදක්කම් 21ක්, රිදී පදක්කම් 12ක් හා ලෝකඩ පදක්කම් 28ක් දිනා මවුබිමට කීර්තියක් ගෙන දුන්හ. මෙවර වර්ණ දිනා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් 50ක් ආබාධිත ක්‍රීඩකයන් වුවද ක්‍රීඩාවේ විශිෂ්ට දක්ෂතා දැක්වූවන් වීම විශේෂත්වයකි. මේ වර්ණ ප්‍රදානයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව ක්‍රීඩා කමිටු සභාපතිවරු 104ක් හා පුහුණුකරුවන් 133ක් ඇගයීමට නියමිතය. 10වැනිදා පෙරවරු 9.30ට ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කිරීම හා යුද හමුදා ක්‍රීඩා ඉතිහාසයේ ග්‍රන්ථය එළිදැක්වීම ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු වේ.ඡායාරූප ප්‍රදර්ශනයේදී යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දුර්ලභ අවස්ථා දැක ගැනීමේ හැකියාව ලැබෙන අතර යුද හමුදා ක්‍රීඩා ක්ෂේත්‍රයේ විකාශනය, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා හා වාර්තා, ක්‍රීඩා කමිටු සභාපතිවරුන් පිළිබඳ විස්තර හා ඡායාරූප ග්‍රන්ථයට ඇතුළත් කොට ඇත. සෑම දිනකම වර්ණ ප්‍රදානයන් සිදු කෙරෙන අතර 12වැනිදා පෙරවරුවේ පැවැත්වෙන උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස ගුවන් හමුදාපති එයාර් මාෂල් කේ.ගුණතිලක මහතා සහභාගී වෙයි.

රාත්‍රි 7.00ට පැවැත්වෙන විශේෂ වර්ණ ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා සහභාගී වේ. මේ තෙදින වැඩ සටහනේදී ක්‍රීඩා ක්ෂේත්‍රයේ හා ක්‍රීඩා පරිපාලනයේ ප්‍රවීණයන්වන සුනිල් ගුණවර්ධන, යෝගානන්ද විජේසුන්දර හා මහාචාර්ය අර්ජුන ද සිල්වා යන මහත්වරු දේශකයින් ලෙස සහභාගී වෙති. වසර 1950දී යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා 10කට එක්වූ අතර මේ වනවිට ක්‍රීඩා 35ක් නියෝජනය කරති. එදා ක්‍රීඩා පාලක සභාවකින් හා මෙදා පුළුල් වර්ධනයක් ඇති හෙයින් ක්‍රීඩා අධ්‍යක්ෂ මණ්ඩලයකින් යුද හමුදා ක්‍රීඩා පරිපාලනය සිදුවන බව එහි ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කරන මේජර් ජෙනරාල් රවී රත්නසිංහම් මහතා පැවැසීය. යුද හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වූ ඩන්කන් වයිට්, සුසන්තිකා ජයසිංහ හා ප්‍රදීප් සංජය වැනි අය ඔලිම්පික් පදක්කම් දිනාගත් බවද ඒ මහතා සිහිපත් කළේය.

යුද හමුදා ක්‍රීඩා වර්ණ ප්‍රදානය පිළිබඳ යුද හමුදා මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවට යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අතුල ගලගමගේ හා මාධ්‍ය අධ්‍යක්ෂ ජයනාත් ජයවීර යන මහත්වරුද එක්ව සිටියහ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles