ඉදිරි මාස කිහිපය තුල ව්‍යවස්ථා සංශෝධනයක්

ලබන 08 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා

හෝ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛක්‍රිපාල සිරිසේන මහතා යන දෙදෙනාගෙන් කවුරු තේරී

පත් වුවද රජයේ ප්‍රමුඛ කාරිය ලෙස ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන බව දේශපාලන

ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත තේරී පත්වුවහොත් විධායක ජනාධිපතිධූරයේ

ඇති ඇතැම් බලතල සංශෝධනය කිරීම, මනාප ඡන්ද ක්‍රමය අහෝසි කර නව මැතිවරණ

ක්‍රමයක් හඳුන්වා දීම ඇතුළු ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කරන බව ජනාධිපතිතුමා

දැනටමත් ප්‍රකාශ කර ඇත.

විපක්ෂ‍යේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළහොත් විධායක

ජනාධිපතික්‍රමය සංශෝධනය කර පාර්ලිමේන්තුවට බලතල පැවරීම, 18 වැනි ව්‍යවස්ථා

සංශෝධනය අහෝසි කර 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලගැන්වීම ඇතුළු ව්‍යවස්ථාමය

සංශෝධන රැසක් සිදු කරන බවට මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රතිඥා දෙන ලදී.

ඒ අනුව අපේක්ෂකයන් දෙදෙනාගෙන් කවුරුන් ජයග්‍රහණය කල ද ඉදිරි මාස කිහිපය තුළ

ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇත.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...