කොරල් පර විනාශ වීමේ තර්ජනයට විසදුම් සෙවීමට විශ්ව විද්‍යාල සිසුන්.

-”කොරල් පර විනාශ වීමේ තර්ජනයක් පවතී” එම තර්ජනයට උපක්‍රමයක් ලෙස ජංගම විදුලි සන්දේශ ජාලය උපයෝගී කරගෙන කොරල් පර විනාශට බලපාන හේතු සොයා යාමේ පර්යේෂණ සරසවි දෙකක සිසුන් විසින් මේ දින වලදී සිදු කරනු ලැබේ. කොරල් පර ආශ්‍රීත මුහුදේ පරිසරය නිරීක්ෂණය කිරීමේ පර්යේෂණ මොරටුව විශ්ව විද්‍යාලය හා රුහුණ විශ්ව විද්‍යාලය මගින් සිදු කරගෙන යන බව මොරටුව විශ්ව විද්‍යාලයයේ ඉලෙක්ට්‍රොනික් සහ විදුලි සංදේශ අංශයේ මහාචාර්ය දිලිකා ඩයස් මහත්මිය පවසන ලදී. මේ ආශිතව නියමු ව්‍යාපෘතියක් මිරිස්ස මුහුදේ ක්‍රියාත්මක වෙමින් පවතී. මුහුදේ උෂ්ණත්වය වෙනස්කම් හා සෙසු හේතු කවරේදැයි දැන ගැනීමට පැය භාගයකට වරක් දත්ත එකතු කරන බවද ඒ මහත්මිය විසින් පවසා සිටී.
මෙම පර්යේෂණයනට රුහුණු විශ්ව විද්‍යාලයයේ ධීවර, සාගර විද්‍යා සහ තාක්ෂණ පීඨයේ මහාචාර්ය රුචිරා කුමාරතුංග මහත්මිය සහ ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතාගේ නොමද සහාය ලැබේ. මෙම සියලු පර්යේෂණ සදහා මුල්‍ය දායකත්වය ඩයලොග් ආයතනය මගින් ලබාදෙන බවද එම විශ්ව විද්‍යාල දෙකෙහි පර්යේෂණ කණ්ඩායම් තොරතුරු අනාවරණය කරයි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...