13.1 C
London
Friday, November 14, 2025
spot_img

බොන්න විතරක් දවසට මිලියන 450 ක්?

ශ්‍රී ලංකාවේ දෛනික පාරිභෝගික මත්පැන්, මත්ද්‍රව්‍ය වියදම රුපියල් මිලියන 450ක් බවත් මෙම තත්වය රටේ දරිද්‍රතාව ඇති වීමටත් සෞඛ්‍ය ගැටලු වැඩි වීමටත් විශාල බලපෑමක් ඇති කරන බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

දෛනිකව දුම් වැටි සඳහා සිදු කරන වියදම රුපියල් මිලියන 250ක් වන අතර මද්‍යසාර සඳහා සිදු කරන වියදම රුපියල් මිලියන 200ක් පමණක් වන බව පසුගියදා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රතන හිමියන් ප්‍රකාශ කළේය.

වැඩි වශයෙන් මත්පැන්, දුම් වැටි හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් සියයට 75ක් පමණ දුප්පත් කම්කරු, ගොවි ජනතාව වන බවත් මේ හේතුව නිසා ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක දරිද්‍රතාව අවම කිරීමට නම් මතින් තොර රටක් ගොඩනැඟීම ඉතාමත් වැදගත් කරුණක් බවත් රතන හිමියන් සඳහන් කළහ.

මෙම ගණනය කිරීම නිල වශයෙන් ලැබුණු දත්තවලට අනුව සිදු කළ නමුත් වාර්තා නොවන සුරුට්ටු, බීඩි, කසිප්පු හා දුම්කොළ වැනි අයිතමයන් වෙනුවෙන් වැය කරන මුදල සමඟ ගණනය කළහොත් දෛනික මත්පැන්, මත්ද්‍රව්‍ය වියදම රුපියල් මිලියන 600-700 අතර අති විශාල මුදලක් වන බව අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සහ පුර්වජ රසායන පාලන අධිකාරියේ සභාපති වෛද්‍ය නිලන්ත සමරසිංහ මහතා මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් අනාවරණය කළේය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles