භූමිතෙල් හලාගෙන නගර සභාවේදී ගිනි තියාගන්න හදලා

නාගරික ජල කර්මාන්ත අංශයෙන් තමන්ට ඉටුව්ය යුතු කාර්යයක් මාස හයක් තිස්සේ ප‍්‍රමාදවීම නිසා ඊට විරෝධය පළකරමින් කටුගස්තොට ප‍්‍රදේශයේ පදිංචි ජල පාරිභෝගිකයෙක් මහනුවර මහ නගර සභා පරිශ‍්‍රයට පැමිණ භූමිතෙල් සිරුරට හලාගෙන ගිනි තබා ගැනීමට තැත් කිරීම නිසා එම ස්ථානයේ කලබලකාරී තත්ත්වයක් උදා වී තිබේ.

මෙම ජල පාරිභෝගිකයා ජල මනුව මාරු කර දෙන ලෙස මාස කීපයක් තිස්සේ ඉල්ලීම් කර ඇතත් එය ඉටු නොවීමෙන් පසුව ඔහුගේ ජල සැපයුම් විසන්ධි කිරීමත් නිසා ඔහු මෙලෙස සිරුරට ගිනි තබා ගැනීමට සුදානම් වෙද්දී ජල කර්මාන්ත අංශයේ නිලධාරියෙක් ක්ෂණිකව ඉදිරිපත් වී එම ක‍්‍රියාව වළක්වාලීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් ඇතිවු කලබලකාරී සිද්ධියෙන් පසුව සිය සිරුරට ගිනි තබා ගැනීමට උත්සහ දැරූ ජල පාරිභෝගිකයා නගර සභා නිලධාරින් විසින් මහනුවර පුරපති මහේන්ද්‍ර රත්වත්තේ මහතා හමුවට ඉදිරිපත් කොට ඔහුගේ ගැටලූවට විසªම් ලබාදීමට පියවර ගෙන තිබිණි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...