2015 වසරේ පැවැත්වීමට නියමිත 41වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මුල්ම තරග ඉසව්වවූ ජාතික රට හරහා දිවීමේ පිරිමි ශූරතාව මධ්‍යම පළාතේ ටී.ලයනල් සමරජීව දිනාගත් අතර කාන්තා ශූරතාව බස්නාහිර පළාතේ නිලූකා ගීතානී රාජසේකර දිනාගත්නා ලදී. නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා පිටිය අසලින් ආරම්භවූ රට හරහා දිවීමේ තරග සංචාරක හා ක්‍රීඩා ඇමැති අධිනීතිඥ නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
මධ්‍යම පළාතේ ලයනල් සමරජීව පසුගිය වසරේදීද මෙහි රන් පදක්කම දිනාගත් අතර දෙවැනි ස්ථානයේ සිටි බස්නාහිර පළාතේ තිස්ස ගුණසේකර මෙවර හයවැනි ස්ථානයට පත්විය. නිලූකා ගීතානී රාජසේකර ජාතික රට හරහා දිවීමේ රන් පදක්කම පිට පිට දිනාගත් තෙවැනි වසර මෙය විය. ඇය පසුගියදා හොංකොංහී පැවැති ආසියානු මැරතන් ශූරතාවලියේදී 5වැනි ස්ථානයට පත්වෙමින් මීලඟ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගත්තාය.පසුගිය වසරේ පැවැති කාන්තා රට හරහා දිවීමේ තරගයේ සිවුවැනි ස්ථානයේ සිටි ජී.එල්.අනුරාධී මෙවර තෙවැනි ස්ථානයට පත්වූවාය. රට හරහා දිවීමේ කණ්ඩායම් ශූරතාව බස්නාහිරට හිමිවූ අතර දෙවැනි ස්ථානය දකුණු පළාත හා තෙවැනි ස්ථානය මධ්‍යම පළාතට හිමිවිය.
තරග ප්‍රතිඵල-කාන්තා (කි.මී.8යි)
1.ගීතානී රාජසේකර වි.29:23 (බස්නාහිර), 2.ගයන්තිකා අබේරත්න වි.29:34 (දකුණ), 3.බී.ජී.එල්.අනුරාධී වි.30:11 (මධ්‍යම), 4.නිලානී රත්නායක වි.30.17 (සබරගමුව), 5.එම්.එච්.මධූෂිකා වි.31:38 (බස්නාහිර), 6.ආර්.දුලක්ෂි වි.32:22 (දකුණ), 7.දීපිකා රත්නමාලී වි.32:27 (ඌව), 8.නිලුෂිකා කුමාරි වි.32:38 (බස්නාහිර), 9.එස්.එම්.වික්‍රමසූරිය වි.32:41 (මධ්‍යම), 10.ජී.ඩී.එන්.ප්‍රියදර්ශනී වි.33:09 (සබරගමුව)
තරග ප්‍රතිඵල-පිරිමි (කි.මී.12යි)
1.ටී.ලයනල් සමරජීව වි.39.10 (මධ්‍යම), 2.සමන් කුමාර වි.39:43 (ඌව), 3.පී.එම්.ගුණතිලක වි.39:57 (බස්නාහිර), 4.ටී.එම්.ඊ.තෙන්නකෝන් වි.40:03 (ඌව), 5.එම්.සිවරාජන් වි.40:11 (මධ්‍යම), 6.තිස්ස ගුණසේකර වි.40:20 (බස්නාහිර), 7.චමින්ද විජේකෝන් වි.40:26 (ඌව), 8.ජයතිලක බණ්ඩාර වි.40:48 (ඌව), 9.ආර්.එම්.අයි.ඒ.රත්නායක වි.41:02 (වයඹ), 10ඩී.සඳරුවන් වි.41:18 (බස්නාහිර)