Couple break world record with 126 bridesmaids

බොහෝ දෙනෙකුට ජීවිතේ එක්වරක් ලැබෙන අමරණීය මතක සටහන වන්නේ මංගල ඡායාරූපයය. මේ නිසා මංගල ඡායාරූපය හැඩ වැඩ කිරීමට දෙවැනි මනාලියන් දෙතුන් දෙනෙකු හෝ සිටී නම් එය මනාලියගේ සිත් බොහෝ සතුටට පත්කරන කාරණාවක් වන්නේය. එසේ බලන විට නම් මීගමුවේ දී පෙරේදා (08) විවාහ දිවියට පත් නිසංසලා ආරියවංශ බොහෝ සතුටු වන්නට ඇති බව අපට සිතේ. ඒ ඇය සමග අතිනත ගත් නලින් පතිරණ සමග ගත් මංගල ඡායාරූපයේ දෙවැනි මනාලියන් 126 දෙනෙකුද දෙවන මනාලයන් 30 දෙනෙකුද මල් කුමර කුමරියන් 40 දෙනෙකු ද සිටින බැවිනි.

මේ සා විශාල පිරිසක්  මේ මංගල උළෙලට සහභාගි වූයේ ගිනස් වාර්තාවක් තැබිමටය. ඒ මංගල උත්සවයක් සඳහා වැඩිම දෙවැනි මනාලියන් පිරිසක් සහභාගි කර ගනිමිනි. මේ වාර්තාව තබමින් මනාලියන් හැඩ වැඩ කළේ චම්පි සිරිවර්ධනය. ඡායාරූපයේ  දැක්වෙන්නේ වාර්තාවට දායක වූවන් පිරිවරාගෙන චම්පි සිරිවර්ධන, ගිනස් වාර්තා කමිටුවේ සෙතිෂා සුභානි වෙතින් ගිනස් වාර්තා සහතිකය ගන්නා අයුරුය.

ඡායා: ප්‍රියන්ත ගමගේ (ලක්බිම පුවත්පත​)

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...