පන්සලේ දී අහවල් වැඩේ කර මාට්ටු වෙයි
November 21, 2013
11 Views
මාවරල විහාරස්ථානක බෝධි පුජාවකට සහභාගී වූ උපාසිකා මාතාවක් බුදු මැදුරට බුදුන් වදින්නට යන අවස්ථාවේ තරුණ පෙම්වතුන් යුවලක් බුදු මැදුරෙහි මුල්ලක සිටිනු දැක බය වී කෑ ගසා ගෙන දිවූ පුවතක් පිළිබදව අපට දැනගන්නට ලැබුණි. පසුව එම උපාසිකාව තමා දුටු සිද්ධිය සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන්ට කීමෙන් පසුව උන් වහන්සේ විසින් ඒ පිළිබදව මාවරල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ පෙම්වතුන් දෙදෙනා පොලිසියට රැගෙන විත් ඇත.
එදින මාවරල විහාරස්තානය ඇතුළත දී සිදු වූ සිද්ධිය මෙසේ ය. එම තරුණයා (පෙම්වතා පස්ගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තරුණිය රොටුඹ ප‍්‍රදේශයේ පදිංචි කාරියකි. තරුණයාගේ පියාත්, තරුණියගේ මවත් පොලිසියට කැඳවා ප‍්‍රශ්ණ කිරීමේ දී අනාවරණය වූයේ ඔවුන් කලක සිට දෙමාපිය අනු දැනුම යටතේ ඇසුර පවත්වා ගෙන ගොස් ඇති බවකි.
මාවරල විහාරස්ථානයේ බුදු මැදුර තුළ පෙම්වතුන් ලෙස හැසිරීමේ අයහපත් කල් ක්‍්‍රියාවට ලබන සෙනසුරාදා (23 වන දින තරුණ යුවල විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් කොට විහාරාධිපති හිමියන්ගෙන් සමාව ගැනීම ප‍්‍රමාණවත් බව විහාරාධිපති හිමියන් පොලිසියට දැන්වා තිබුණි.
එම තරුණ යුවලට මාවරල මල්ලිකාරමයට ලබන සෙනසුරාදා (23 දින පැමිණ සමාව ගැනීමට පොලිසිය මගින් දැනුම් දී, මවගේත්, පියාගේත්, තරුණ පෙම් යුවලගේත් කට උත්තර ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව ඔවුන් මුදා හැරීමට පොලිසිය මගින් පියවරගෙන තිබේ.
awesome Don't Miss featured pretty cool spotlight Trending 2013-11-21