මරණයට කැපකොට සිටි කිරි ගවයින් නිදහස් කිරීමේ සුවිශේෂී කටයුත්තක්
බ්‍රහස්පතින්දා(26) කෝට්ටේ නාග විහාර පරිශ්‍රයේදී පැවැත්විනි. බහරේනයේ සේවය කරන සුදේෂ් කරුණාතිලක මහතාගේ සංකල්පයකට අනුව ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ මිතුරු හවුලක් විසින් එම සත්කාර්‍යය සිදුකළ අතර කිරි ගවයින් 31ක් ජීවිත දානය ලැබ සිවිල් ආරක්ෂක ගොවිපලට මුදාහරිනු ලැබීය.
එහිදී අනුශාසනාව කළ ශ‍්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පැවසුවේ අද ජීවිතය හමාර කිරීමට සිටි මේ අහිංසක සතුන්ට ජීවිත දානය දීම මොනතරම් උතුම් පිංකමක්ද කියාය. ගව ඝාතනයට එරෙහි පනතක් පාර්ලිමේන්තුවෙන් සම්මත වී තිබුණ ද එය ක‍්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණක් බවද කිරිපිටි සඳහා කෝටි ගනන් මුදල් එතෙරට පටවමින් මෙරට සිටින ගව සම්පත වනසන බවද උන්වහන්සේ පැවසූහ.
එහිදී අදහස් දැක්වූ සුදේෂ් කරුණාතිලක මහතා පැවසුවේ එක ගවයෙක් හෝ නිදහස් කරගැනීමට තමා කැමති බව දන්වා ෆේස්බුක් ගිණුමට දැමූ පණිවිඩයක් හරහා සතුන් 31කගේ දිවි බේරා ගන්නට විශාල පිරිසක් එක්වූ බවය.මේ සතුන් හුස්ම ගන්නේ ඒ සියලුදෙනාගේ දායකත්වයෙන් බවද ඒ මහතා පැවසීය.
ලක්බිම
ඡායාරූප – රංග බාලසූරිය