ඉන්දියා ජාතික ජයිරම් සින්ග්හල්ගේ ගව මඩුව ඉදිරිපස පොදි කමින් සිටින පිරිසකි. ඔවුන් අත කෝප්පය.සියලූ දෙනාම සිටින්නේ ගව මඩුවේ සිටින ජයිරම්ට අයත් එළදෙනුන් ළගය.
එක් එළදෙනක් මුත්‍රා කිරීමට පටන් ගනී. සියලූ දෙනා එක පොදියට පොරකමින් එම මුත්‍රා තම තමන්ගේ අත ඇති කෝප්පයට පුරවා ගැනීමට තැත් කරති.
තවත් එකියක වලිගය උස්සා සැරසෙන්නේ මුත්‍රා කිරීමටය.පළමු වර කෝප්පය පුරවා ගැනීමට නොහැකි වූ සියලූ දෙනා දැන් එතැනය.
කෙසේහෝ කෝප්පය එළදෙනුන්ගේ මුත්‍රා වලින් පුරවා ගත් පසු මෙම පිරිස කරන්නේ ඒවා පානය කිරීමයි.එළදෙනුනේග් මුත්‍රා පානය කිරීමෙන් නිරෝගී සුව ලැබෙන බව ඔවුහු විශ්වාස කරති.
‘‘අපි මෙතැනට එකතු වන්නේ අවුරුදු 12 ක පමණ පෙර සිට උදේ පාන්දර අපගේ පළමු රාජකාරිය තමයි මේ එළදෙනුන්ගෙන් ලබා ගන්නා මුත්‍රා කෝප්පයක් පානය කිරීම‘‘ ගව මඩුවේ හිමිකරු ජයිරම් පවසයි.
ජයිරම් පවසන ආකාරයට ඔහුගේ දියවැඩියා රෝගයත් මේ මුත්‍ර පානයන් නිසා දැන් සුවපත් වී තිබේ.
‘‘මගේ දියවැඩියා රෝගය දැන් නැහැ.දියවැඩියාව විතරක් නොවේ පිළිකා තිබෙන අය පවා මෙතැනට එනවා.ඔවුනුත් සුවපත් වෙලා තිබෙනවා‘‘ ඔහු කියයි.
එළදෙනුන්ගේ මුත්‍ර පානය කිරීම දැන් ඉන්දියාව පුරා ක්‍රමයෙන් ව්‍යාප්තව යමින් පවතින පුරුද්දක් වී තිබේ.මැදහත් මතධාරීන් පවසනුයේ මෙවන් තත්ත්වයක් ඇතිවීමට හේතුව හින්දු ආගමික නායකයින්ගේ බලපෑම බවයි.
මුත්‍ර බොනවායැයි කියා ඕනෑම එළදෙනකුගේ මුත්‍ර පානය නොකළ හැකි අතර ඒ සදහා එළදෙන කිසිදිනෙක දරු උපතක් සිදුනොකළ සත්ත්වයෙකු විය යුතු අතර මුත්‍ර ලබා ගත යුත්තේද ඉර නැගෙන විටය.
ජයිරම්ගේ මිළග උත්සාහය මුත්‍රා වලින් ආර්ථික වාසියක්ද ලගා කර ගැනීමයි.
‘‘හොද ඉල්ලූමක් තිබෙනවානේ.මම හිතන් ඉන්නේ මුත්‍රා බෝතල් කරලා විකුණන්න.බොහෝ පළාත් වල මෙය කෙරෙනවා.දන්තාලේප,සබන් ආදියත් හදන්න අදහසකුත් තිබෙනවා‘‘ ඔහු පවසයි.
– Lankadeepa