කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු ලෙස ඔබ ලැබූ සාර්ථකත්වය ගැන අපි හුඟක් කතා කළා. නමුත් ක්‍රීඩකයකු ලෙස ලැබූ ඒ සාර්ථකත්වය ඔබ කණ්ඩායමේ නායකත්වයට පත්වීමත් සමග පොඩ්ඩක් පස්සට ගියා කියල අපිට හිතෙනව. ඔබ නිතරම මොකක් හරි කලකිරීමකින් ඉන්න බවක් පෙනුණා. කොටින්ම ඔබේ මුහුණේ තිබුණු සිනාමුසු බව, ඔබේ කටහඩ් තිබුණු උදේයාගය පවා වෙනස් වුණා. මම පුද්ගලිකවත් ඔබ සමග සමීප ඇසුරක් තිබෙන නිසා මට ඒ බව හොඳින් දැනුණා. මොකක්ද මේ වෙනසට හේතු වුණේ?
මම ඇත්තටම කැළුම් ඒ අවස්ථාවේ කණ්ඩායමේ නායකත්වය බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් ජ්‍යෙෂ්ඨම ක්‍රීඩකයන් දෙදෙනා නායකත්වයෙන් අයින් වුණාට පස්සෙ, ඒ වගේම අලුත් ක්‍රීඩකයෙකුත් නායකත්වය සඳහා සූදානම්ව නොසිටි තත්ත්වයක් යටතේ කිසියම් හිස් තැනක් නිර්මාණය වෙලා තිබුණා. ඒ වගේම ඉතා අසීරු තරග සංචාර හතරක් සඳහා මුහුණ දෙන්නත් තිබුණා. එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය සමග තරග සංචාර තිබුණා. ඉතින් මං හිතනවා ඔය තරග සංචාර හතරේ නායකත්වය බාරගන්න වැඩි දෙනෙක් කැමති වුණෙත් නැහැ කියල මට හිතෙනවා.
ඔය අතරේ දවසක් ඒ දවස්වල හිටපු සභාපතිතුමා ඩී.එස්. ද සිල්වා මහත්මයා මට කතා කරලා කණ්ඩායමේ නායකත්වය බාරගන්න කියල කිව්ව. ඒ වගේම එවකට හිටපු තේරීම් කමිටු සභාපති දුලිප් මෙන්ඩිස් මහත්මයා ඇතුළු අය මට කරුණු පැහැදිලි කරල දුන්නා. ඔවුන්ගෙ ඉල්ලීම වුණේ අඩු තරමින් අවුරුද්දකටවත් නායකත්වය අරගෙන කටයුතු කරන්න කියලා. මම අර කලින් කියපු අසීරු තරගාවලි හතරෙන් පස්සෙ තිබුණෙ තරමක් පහසු තරගාවලි කිහිපයක්. ඉතින් ඒ වෙනකොට අලුත් නායකයෙක් හදාගන්න තුරු මට ඒ වගකීම බාරගන්න කියල කිව්වා.
අන්තිමේ මම කැමති වුණා නායකත්වය බාරගන්න. නමුත් ඒක බාරගත්තට පස්සෙ මට හුඟක් දේවල් තේරෙන්න පටන් ගත්තා. මට තේරුණා මම නායකත්වය බාර ගත්තට සමහරු එච්චර කැමැත්තක් නොතිබුණු බව. මම නායකයා වුණාට අවංකවම කැමති වුණු අය කව්ද, අකමැති අය කව්ද කියල මට තේරුණා. සමහර අවස්ථාවල හුඟක් හිත කලකිරෙන දේවල් සිද්ධ වුණා. නමුත් මම මේ වගකීම බාරගත්තෙ රට වෙනුවෙන්. ඒ නිසා මම දිගටම මගේ තීරණයේ හිටියා. මට ඇත්තටම ඕන වුණා හොඳ නවකයෝ ටිකක් ඉස්සරහට ගේන්න.
දකුණු අප්‍රිකාව සමග තරගාවලිය ඔබ දින්නා?
19-4ඔව් ඒක තමයි. මේක සමහරු බලාපොරොත්තු නොවිච්චි දෙයක්. ඉතින් ඒ වගේ අයගෙ මූණුවලින් මට ඒ දවස්වල හුඟක් දේවල් තේරෙනවා. ඇත්තටම මම මිනිස්සු ගැන හුඟක් දේවල් තේරුම් ගත්තු කාලයක් මේක. කොහොම වුණත් ඒ අවබෝධය මට ජීවිතයට හුඟක් වැදගත් වුණා. මම හිතනවා ඉදිරි ජීවිතයටත් මේ ලබාගත්තු අත්දැකීම් මට ප්‍රයෝජනවත් වෙයි කියල.මට තියෙන ලොකුම සතුට තමයි එදා මම ඉස්සරහට ගත්තු නවක ක්‍රීඩකයො අද කණ්ඩායමේ දක්ෂකම් පෙන්නමින් සිටින එක ගැන. ඔවුන් ඉදිරියේදී අපේ කණ්ඩායමේ ජයග්‍රහණ සඳහා දායක වුණොත් ඒක මට ලොකු සතුටක් වේවි.
සාමාන්‍යයෙන් අපි අහල තියෙන්නෙ තුන් ඉරියව් ක්‍රීඩකයින් ගැන. නමුත් මම දන්න විදියට ඔබ හතර ඉරියව් ක්‍රිඩකයෙක්. පිතිකරණය, පන්දු යැවීම, පන්දු රැකීම යන තුන් ඉරියව්වට අමතරව ඔබට කඩුලු රැකීමත් ඉතා හොඳින් කළ හැකියි. කෙසේ වෙතත් මේ වන විට ඔබ තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස ලෝක වාර්තා පොතට ඇතුළත් වීමටත් ආසන්නව සිටිනවා… එහෙම නේද?
ඔව්, එක් දින තරගවලින් ලකුණු 10,000ක් සහ කඩුලු 100ක් ලබා ගැනීමට තරමක් ආසන්න තත්ත්වයක ඉන්නවා. නමුත් තව ටික දවසක් බලා ඉන්න වෙයි. කඩුලු 100ට තව කඩුලු 20ක් වගේ අඩුයි. ඒ වගේම ලකුණු 10,000ට ලකුණු 2000ක් විතර අඩුයි. එක්දින තරගවලින් සමුගන්න කලින් මේ කඩඉම පසුකරන්න ආසාවක්, බලාපො-රොත්තුවක් තියෙනවා. ඒ වගේම සමුගන්න කලින් ලෝක කුසලානයක් දිනා ගන්නත් ලොකු ආසාවක් තියෙනවා. ලෝක කුසලාන අවසන් මහා තරග හතරකට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණත් එක් වරක්වත් අපිට කුසලානය දිනාගන්න බැරිවුණා. ඒක ඉතින් ලැබිම තමයි. නමුත් සමුගන්න කලින් කෙසේ හෝ ඒ හීනය ඉටුකරගන්න ආසාවෙන් ඉන්නවා. එහෙම පුළුවන් වුණොත් ඉතාම සතුටින් මට ක්‍රීඩාවෙන් සමුගන්න පුළුවන් වේවි.
ජාත්‍යන්තර ක්‍රීඩකයින් අතුරින් වඩාත්ම ඔබ සමග හිතවත්, කුළුපග ක්‍රීඩකයින් කව්ද?
බොහෝදෙනෙක් ඉන්නවා. විශේෂයෙන් ඉන්දියානු ක්‍රීඩකයින් බොහෝදෙනෙක් අපේ හොඳ මිත්‍රයින්. ඒ වගේම දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් බොහොම මිත්‍රශීලීයි. ඩිවිලියර්ස්, හෂීම් අම්ලා වගේ අය විශේෂයි.
බටහිර ඉන්දීය කොදෙව් පිලේ ක්‍රිස් ගේල් වගේ අය හොඳ මිත්‍රයන්. ක්‍රීඩා කරන අතරතුර සමහර අවස්ථාවල පොඩි පොඩි ගැටුම් ඇති වුණත් ක්‍රිකට් පිටියෙන් එළියෙදි අපි හොඳ යහළුවෝ.
පිතිකරුවෙක් හැටියට ඔබ මුහුණ දෙන්න ඉතාම අමාරු යැයි සිතන පන්දු යවන්නන් කව්ද?
මම හිතන්නෙ මම වාසනාවන්ත වුණා වසීම් අක්‍රම්, වකාර් යූනුස් වගේ පන්දු යවන්නන්ට මුහුණ දෙන්න. මොකද ඒ කාලෙ හැමෝම ඔවුන් ගැන ඉතා ඉහළින් කතාබහ කළා. විශේෂයෙන් වසීම් අක්‍රම් ගත්තොත් මම හිතන්නෙ ඔහු තමයි මම මුහුණ දුන්නු අසීරුම පන්දු යවන්නා.
වරක් පාකිස්තානයේ පැවැති තරගයකදී වෙච්ච සිද්ධියක් මට අද වගේ මතකයි. එදා ඒ වෙනකොට මමයි මාවන් අයියයි තමයි එකට පන්දුවට පහර දෙමින් හිටියෙ. අපි ලකුණු 100ක වගේ සම්බන්ධතාවක් ගොඩනගලා, හොඳින් ක්‍රීඩා කරමින් හිටියා. ඒ වෙනකොට වසීම් අක්‍රම් පන්දු යවමින් හිටියෙ නැහැ. ඔහු අපේ ඉනිමේ මුල් හරියේ පන්දු යවලා, කඩුලුත් කිහිපයක් අරගෙන විරාමයක් ගනිමිනුයි හිටියෙ. ටිකකට පස්සෙ ඔහු නැවතත් පන්දු යවන්න ආවා. ඔහු යවපු පළමු පන්දුවටම මට මතකයි මම එක්ස්ට්‍රා කවර්ට ඉහළින් හතරේ පහරක් එල්ල කළා. ඊළඟ පන්දුව යවන්න කලින් මාවන් අයියා මගේ ළඟට ආවා. ඇවිත් කිව්වා, “ඔන්න දැන් බලපං, කකුල් දෙක ළඟටම දායි. බැට් එක උස්සන්න එපා” කියලා. කිව්ව වගේම ඔහු මගේ කකුල් දෙක ළඟටම යෝකර් එ19-2කක් දැම්මා. බැට් එක උස්සනව තියා මට මුකුත් හිතාගන්නවත් වෙලාවක් තිබුණෙ නැහැ. පන්දුව කකුලෙත් වැදිලා, මැද පොල්ල විකට් කීපර් ගාවටත් ගිහිනුයි නතර වුණේ. (සිනා).
ඔහුට හිතෙන ඕන තැනකට පන්දුව පතිත කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ඒ විතරක් නෙවෙයි මනුස්සයෙක් හැටියටත් ඉතාම ඉහළ තලයක ඉන්න කෙනෙක් තමයි වසීම්. මම ඔහුට හුඟක් ගරු කරනවා.
ඒ වගේම දෝනි, ගිල්ක්‍රිස්ට්, මැතිව් හේඩ්න් වගේ ක්‍රීඩකයින් ගැනත් සඳහන් කළ යුතුයි. ඔවුන් පන්දු යවන්නන් නොවුණත් ඉතාම අභියෝගාත්මක ක්‍රීඩකයින්. ඔවුන් ප්‍රතිවාදී පිලේ ඉන්නකොට අපිට ලොකු අභියෝගයක් එල්ල කරනවා. ඕනම වෙලාවක තරගයක් අනිත් පැත්ත හරවන්න ඔවුන්ට පුළුවන්. ඒ වගේම බ්‍රයන් ලාරා වගේ ක්‍රීඩකයින් සමග තරග කරන්න ලැබිම ලොකු වාසනාවක් කියල මට හිතෙනවා. ඔහුගේ කඩුල්ල පවා මා ලබාගෙන තිබෙනවා.
ඔබ පන්දුවට පහර දෙන තාක්ෂණය සම්බන්ධව යම් යම් අවස්ථාවල විවේචන එල්ල වුණා නේද? විශේෂයෙන් ඔබ පාද නිසි ආකාරයෙන් චලනය නොකරන බවට අදහස්
පළවුණා. නමුත් මම හිතන්නේ පන්දුව වේලාසනින් දර්ශනය කර ගැනීමට හැකියාවක්, සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියන විදියට හොඳ ‘අයි (ඥරඥ) එකක්’ ඔබට තිබෙන නිසා මේ තාක්ෂණික අඩුපාඩුකම් එච්චර ගැටළුවක් වුණේ නැහැ කියලයි?
ඔව්. ඒක ඇත්ත. පන්දු යවන්නා එවන පන්දුව ඉතා ඉක්මනින් තේරුම් ගැනීමේ හැකියාවක් මට තිබෙන බව මටත් දැනෙනවා. මං හිතන්නේ ඒක උපතින් ලැබුණු හැකියාවක් වෙන්න ඇති. ඒ නිසා ඔබ කියපු තාක්ෂණික අඩුපාඩුකම් මට ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ.
මේ අඩුපාඩු හදාගන්න කියලා කව්රු හරි කිව්වද?
කිව්වා. නමුත් මම ක්‍රීඩා කරන සාමාන්‍ය ක්‍රමය විශාල වශයෙන් වෙනස් කරන්න මම උත්සාහ කළේ නැහැ. එහෙම කළා නම් මම පිතිකරණයේදී සමහර විට අසාර්ථක වෙන්න තිබුණා. මොකද ඕනෑම පිතිකරුවෙකුට තමාටම ආවේණික ෙශෙලියක් තියෙනවා. ඉතින් කියන කියන විදියට ඒක වෙනස් කරන්න යාම එච්චර ඥානාන්විත වැඩක් නොවෙන්න පුළුවන්. මගේ සමහර අඩුපාඩුකම් තිබුණත් ඒවා මට ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැ. එහෙම වුණා නම් මට මේ තරම් ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙන්න විදියක් නැහැ කියලයි මට හිතෙන්නෙ.
ඩිල්ස්කූප් පහර හඳුන්වා දීමත් සමග තවත් විදියකින් ඔබේ නම ඉතිහාසයට එක්වුණා කියල කියන්න පුළුවන්. කොහොමද මේ පහර ගහන්න මුල පෑදුණේ?
19-5දෙවැනි අයි.පී.එල් තරගාවලියෙදි හුඟක් ක්‍රීඩකයින් ‘පැඩ්ල් ස්වීප්’ (චඤඤතඥ ඵඹඥඥන) කියන පහර එල්ල කළා. ඒ පහර එල්ල කරන්නෙ ෆයින්ලෙග් කලාපයට ඉහළින්. මම ඒ වෙලාවෙ කල්පනා කළා, මේ පහර තවත් ටිකක් කඩුලු රකින්නාගෙ පැත්තට බර කරලා ඔහුගෙ හිසට ඉහළින් එල්ල කරන්න පුළුවන් නම් කිසිම ක්‍රීඩකයෙක් රඳවන්න බැහැ නේද කියලා. ඒ වෙලාවෙ කඩුලු රකින්නා හැටියට හිටියෙ ගිල්ක්‍රිස්ට්. මට මතකයි මම පළමු වෙනි වරට ඒ පහර එල්ල කරපු වෙලාවෙ ගිල්ක්‍රිස්ට්ගෙ ඔළුවට උඩින් කෙළින්ම හයේ සීමාව ඉක්මවා ගියා. ගිල්ක්‍රිස්ට් අන්දුන් කුන්දුන් වුණා. ඒ විතරක් නෙවෙයි, ඔහුට හොඳටම කේන්ති ගියා. ග්ලවුස් දෙකත් ගලවල පොළොවෙ ගැහුවා. ගහලා මොන මොනවද කියමින් මට බැන්නා. ඒ වෙලාවෙ මම හිතුවා මේ පහර තව දියුණු කළොත් ඒකෙන් හුඟක් ලකුණු රැස් කරගන්න පුළුවන් නේද කියලා.
කොහොමද ඒ පහර වැඩි දියුණු කළේ?
අයි.පී.එල් එක ඉවර වෙලා ඇවිත් මම චන්දික හතුරුසිංහ එක්ක තමයි මේ පහර වැඩි දියුණු කරන්න පියවර ගත්තෙ. තරමක් අනතුරුදායක පහරක් නිසා මුලින් මුලින් ටෙනිස් පන්දුවක් යොදාගෙන තමයි පුරුදු වුණේ. කොහොම හරි හොඳින් පුරුදු වෙලා ඊළඟ 20-20 ලෝක කුසලාන තරගාවලියේ ඉඳලම මම මේ පහර එල්ල කරන්න පටන් ගත්තා. මට තේරුණා කඩුලු රකින්නන් ඇතුළු සියලුම පන්දු රකින්නන්ට මේ පහර විශාල හිසරදයක් සහ පීඩනයක් බවට පත්වුණු බව. කොහොම හරි මේ තරගාවලියෙදි වැඩිම ලකුණු ලබාගත්තු හොඳම ක්‍රීඩකයා බවට පත්වෙන්න මට අවස්ථාව ලැබුණා. ඉතින් ඒකෙන් ධෛර්යමත් වෙලා මම තව තවත් මේ පහර දියුණු කරගත්තා. මේ වෙනකොට තවත් ක්‍රීඩකයින් බොහෝදෙනෙක් ඩිල්ස්කූප් පහර එල්ල කරමින් සිටියත් දෙතුන් දෙනෙක් විතරයි හරියටම ඒක කරන්නෙ. මගේ මල්ලි (ටී.එම්. සම්පත්) ඉතාම හොඳින් මේ පහර එල්ල කරනවා. කොහොම වුණත් මට ලොකු සතුටක් තියෙනවා කවද හරි මම නැති දවසක වුණත් මගේ නමින් මේ වගේ පහරක් ක්‍රිකට් පොතේ තියෙනව නේද කියල. ඒක ගැන මං හිතන්නෙ මං වගේම ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීනුත් හුඟක් සතුටු වේවි.
source-lakbima