දඩල්ල මහමුදලිමාවතේ 27 හැවිරිදි තරුණියක තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇති අතර ඇගේ මව සහ සොහොයුරාද බරපතල තුවලා ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබති. පොලිසිය විසින් පවසන්නේ ඔවුන් තිදෙනාට පහරදී ඇත්තේ පොරවකින් වන බවයි. ඝාතනය සිදුකළැයි කියන අසල්වැසියකු අද අළුයම ගිංතොට දී කෝච්චියට පැන සියදිවි නසාගත්තාදැයි ද සැකයක් පවතින බව ද පොලිසිය පවසන අතර දුම්රියේ හැපී මියගිය පුද්ගලයා හඳුනාගත නොහැකි තරමට ඔහුගේ හිසට හානි සිදුව ඇති බව පොලිසිය පවසයි.
