පස්කෝටියක් වටිනා විදේශීය මුදල් රට පැන්නවීමට හදද්දී මාට්ටු

-ශ්‍රී ලාංකිකයකු විසින් රුපියල් පන්කෝටියකට ආසන්න වටිනාකමින් යුත් විදේශීය මුදල් නීති විරෝධීව ඩුබායි බලා රැගෙන යෑමට තැත් කරද්දී කටුනායක බණ්‌ඩාරනායක ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් විසින් ඊයේ (12දා) දින අත්අඩංගුවට ගෙන ඇත. ඒම පුද්ගලයා මට්‌ටක්‌කුලිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු වන අතර රේගු මාධ්‍ය ප්‍රකාශක හා රේගු නීති අංශයේ අධ්‍යක්‍ෂ ලෙස්‌ලි ගාමිණී මහතා පවසන පරිදි පුද්ගලයා සිය ගමන් මල්ලේ ව්‍යාජ පතුලක්‌ සාදා එහි මෙම විදේශ මුදල් සඟවා තබා ඇත.

මෙම ගමන් මල්ලේ තිබී රුපියල් හාරකෝටි අසූතුන්ලක්‍ෂ නවදාහස්‌ හයසිය අනූ දෙකක්‌ පමණ වටිනා විදේශීය මුදල් වර්ග රැසක්‌ අත්අඩංගුවට ගත් බවද රේගු මාධ්‍ය ප්‍රකාශක හා රේගු නීති අංශයේ අධ්‍යක්‍ෂ මහතා පවසයි. අත්අඩංගුවට ගත් විදේශ මුදල් අතර ජපන් යෙන් 110,000, කටාර් රියාල් 48,500, සවුදි රියාල් 802000, ඇමරිකන් ඩොලර් 72000, යූරෝ 450, ස්‌ටර්ලින් පවුම් 3000, ඩිරාම් 35500ක්‌ තිබූ බවද ඒ් මහතා අනාවරණය කරන ලදී.

Check Also

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...