ආන්දෝලනයට ලක්වූ මත්කුඩු කන්ටේනර් දෙකක් මෙරටට ගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අගමැති දි මු ජයරත්න මහතාගෙන් ඔහුගේ බිරිදගෙන් හා පුතු වන අනුරාධ ජයරත්න මහතාගෙන් ඉදිරි දිනවල ප‍්‍රශ්න කිරීමට නියමිත බවට තොරතුරු වාර්තාවනවා.
පසුගිය රජය සමයේ හෙරොයින් කිලෝ 261ක් සහිත කන්ටේනර් 2ක් අගමැතිවරයාගේ ලිපියක් මත රේගුවෙන් මුදාගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් මෙසේ ප‍්‍රශ්න කිරීමට නියමිතයි. ඔහුගේ ලේකම්වරයකු විසින් මෙම ලිපි නිකුත් කර තිබූ බවයි වාර්තාවුනේ.
පසුගිය මධ්‍යම පළාත් සභා මැතිවරණය සමයේදී ප්ලාස්ටික් භාණ්ඩ යයි පවසමින් මෙම කුඩු කන්ටේනර් දෙක පකිස්තානයේ සිට දිවයිනට ගෙන්වා තිබුණා. ඊට මධ්‍යම පළාතේ පලාත් පාලන ආයතනයක් නියෝජනය කරන මන්ත‍්‍රීවරයකුද සම්බන්ධ බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.