Wednesday , 22 January 2025

ඉහළ මිලෙන් යුතු මත්පෙත්තක් ව්‍යාප්ත වෙයි.

අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සහ පුර්වජ රසායන පාලන අධිකාරියේ සභාපති වෛද්‍ය නිලන්ත සමරසිංහ මහතා පවසනුයේ ඉතා ඉහළ මිල ගණන් වලින් හෙබි මත්පෙති වර්ග කිහිපයක්, වසර ගණනාවක් මුළුල්ලේ මෙරට ඉතා සුක්ෂම ක්‍රමවේදයක් අනුගමනය කරමින් අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බවයි. රෙස්ටොරන්ට් රාත්‍රී සමාජශාලා ‘‘බීර උයන‘‘ නමින් හදුන්වන ස්ථානවල සුක්ෂම ක්‍රමවේදයක් යටතේ මෙම මත්පෙති අලෙවි වන අතර අලෙවිකරුවන් අත්අඩංගුවට ගැනීමට උපායක් යෙදු බවත් වෛද්‍ය සමරසිංහ මහතා පැවසීය.

සුපර් මෑන්, රම්බෝ, ප්ලෙෂර්, හීරෝ යන නාමයන්ගේ පෙති කුඩු පොසින්ජර් ලෙස මේවා අලෙවි වන්නේ රුපියල් තුන්දහසේ සිට රුපියල් හයදහස දක්වා වූ මිල ගණන් යටතේය. ‘හොරෝයින් මත්ද්‍රව්‍ය හිගවී යන බැවින් මෙම මත්ද්‍රව්‍ය වර්ග ව්‍යාප්ත වීමට ඉඩකඩ ඇති බැවින් තම දරුවන් ගැන අවධානයෙන් සිටින ලෙස අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලය දෙමාපියන්ට අනතුරු හඟවමිත් දැනුවත්වීම් කරයි. දැනට මෙම මත්ද්‍රව්‍ය වලට බිලිවී තිබෙන්නේ මධ්‍යම පාන්තික සහ ඉහළ සමාජ ස්ථරවල දරුවන් බවත් මේ වන විට අනාවරණය කරගෙක ඇත.‘‘තරුණ පිරිස් ඉලක්ක කරගෙන මෙම මත්ද්‍රව්‍ය අලෙවිකරන්නේ ධනවතුන් ලෙස වෙස්වලාගත් සමාජයේ ඉහළින් වැජඹෙන වැදගතුන් ලෙස පෙනී සිටින කල්ලියක් බවටත් දැනට තොරතුරු ලැබී ඇත.‘‘

මෙම මත්ද්‍රව්‍ය පිළිබඳව යම් තොරතුරක් වෙතොත් 1984 දුරකථන අංකයට හෝ බස්නාහිර භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජිත ජයසුන්දර මහතා යටතේ පවතින විශේෂ ඒකකයට දැනුම් දෙන ලෙස වෛද්‍ය සමරසිංහ මහතා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...