22.6 C
London
Thursday, June 19, 2025
spot_img

හයියාන් විපතට පත්වූවන්ට ආධාර පිණිස බෙකම්ගෙන් ඇඳුම් පරිත්‍යාගයක්

පිලිපීනයේ හයියාන් සුළි කුණාටුවෙන් විපතට පත්වූවන් සඳහා ආධාර ලබාදීම පිණිස ජනප්‍රිය පාපන්දු තරුවක වූ ඩේවිඩ් බෙකම් හා ඔහුගේ බිරිඳ වික්ටෝරියා බෙකම් ඔවුන්ගේ ඇඳුම් තොගයක් පරිත්‍යාග කර තිබේ. මෙම ඇඳුම් තොගය ලන්ඩන් නගරයේ සුබසාධන වෙළෙඳසලකදී වෙන්දේසි කිරීමට නියමිතය.

‘Jimmy Choo’ සපත්තු සහ ‘Dolce and Gabbana’ ඇඳුම් සහිතව ඇඳුම් පෙට්ටි 20ක් බෙකම් මෙලෙස පරිත්‍යාග කර තිබේ. මෙම ඇඳුම් පවුම් 600ත් 800ත් අතර මුදලකට අලෙවි කිරීම සංවිධායකයන්ගේ බලා‍පොරොත්තුවයි. මෙය සංවිධානය කරන්නේ රතුකුරුස සංවිධානයයි.

මේ පිළිබඳව අදහස් පළ කළ වික්ටෝරියා බෙකම් අනෙකුත් ජනප්‍රිය චරිතද මෙවැනි ආධාර ලබාදීමත් කළ යුතු බව පවසයි. බෙකම්ගේ ඇඳුම් වෙන්දේසි කිරීමට නියමිත සුබසාධන වෙළෙඳස‍ලේ සහාය කළමනාකරු සඳහන් කරන්නේ බෙකම් එවා ඇති ඇඳුම් ඉතාම අලුත් ඒවා බවය.
(බි.බි.සී.)

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles