Wednesday , 22 January 2025

ඬේවිඞ් බෙකම්ගේ දියණිය පළමු පාපන්දු ගෝලය වාර්තා කරයි

සුපිරි පාපන්දු ශූර ඬේවිඞ් බෙකම්ගේ සි`ගිති දියණිය හාපර් සෙවන් බෙකම්ද සිය පියාගේ අඩිපාරේ යමින් පාපන්දු පිටියේ දක්‍ෂතා පෙන්වීමට පටන් ගෙන තිබේ. ඇය සිය පළමු පාපන්දු ගෝලය පසුගියදා වාර්තා කළාය. ඒ කැලිෆෝනියාහිදි පැවති පාපන්දු සැණළියේ කුඩා දරුවන් වෙනුවෙන් පැවති තරගයකදීය.

ඬේවිඞ් එහිදී සිය දියණියගේ දක්‍ෂතා තම කැමරාවේ සටහන් කර ගත්තේ ආඩම්බරයෙනි .ඔහුගේ බිරි`ද වික්ටෝරියා බෙකම් සහ වැඩිමහල් පුතුන් දෙදෙනාද මෙම තරගය නැරඹීමට පැමිණ සිටියහ. තවමත් දෙහැවිරිදි වියේ පසුවන හාපර් මෙතෙක් මාධ්‍ය අවධානය දිනා සිටියේ මවගේ අඩිපාරේ යමින් විලාසිතාකරණයේ යෙදෙන්නියක ලෙසය .එහෙත් ඇය අනාගතයේදි බොහෝ විට කාන්තා පාපන්දු පිටිය බබළවනු ඇතැයි දැන් දැන් අනාවැකි පළවෙමින් පවති . ඬේවිඞ් සහ වික්ටෝරියා බෙකම් යුවළ පවසන්නේද හාපර් කී‍්‍රඩාශීලී දැරියක බවයි.

RIVIRA

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...