බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ සියළු ප්‍රචාරක කටයුතු අදින් අවසන් වනවා. වත්මන් අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් සහ විපක්ෂ අපේක්ෂක එඞ් මිලීබෑන්ඞ් යන නියෝජිතයින් මේ වන විටත් ජනතාව අතරට ගොස් ඡුන්ද ව්‍යාපාරයේ නිරත වී සිටිනවා. අග්‍රාමාත්‍ය ඬේවිට් කැමරන් මහතා අද පැවති ජන හමුවලදී ප්‍රකාශ කර ඇත්තේ ගෙවුනු වසර පහ තුළ බ්‍රිතාන්‍ය අඩියකින් එසවීමට තමන්ට හැකි වූ බවයි. ඉතිරි වැඩකොටස නිමා කිරීමට තවත් වරක් තමන්ට බලය ලබා දෙන ලෙසයි ඬේවිඞ් කැමරන් මහතා ඉල්ලා සිටින්නේ.
මේ අතර එඞ් මිලීබෑන්ඞ් පවසන්නේ රට වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කිරීමට තමන්ටද අවස්ථාව ලබා දෙන ලෙසයි. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී බහුතර බලයක් කිසිඳු පාර්ශවයකට ලබා ගත නොහැකි බව විචාරක මතයයි.