හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට පත් කිරීම සඳහා දියත්කර ඇති ව්‍යාපාරයට කවර හෝ හේතුවක් නිසා සහාය ලබා නොදෙන බව වයඹ ප්‍රධාන ඇමැති දයාසිරි ජයසේකර මහතා පෙරේදා පවසා ඇත.
මම ජනාධිපති මෙත්‍රිපාල සිරිසේන මැතිතුමාට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇප කැපවී සිටිනවා.එමනිසා මහින්ද රාජපක්ෂ මහතාගේ වේදිකාවට මා නඟිනු ඇතැයි පැතිරෙන ආරංචිවල කිසිදු පදනමක් නැහැයි ප්‍රධානඇමැතිවරයා දිවයිනට පවසා ඇත.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ සන්ධානයේ ඇතැම් කොටස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරදුවට තබා හිටපු ජනාධිපතිවරයා යළි බලයට ගෙන ඒමේ නිශ්ඵල ප්‍රයත්නයක යෙදෙනෙ බවද හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ජයසේකර මහතා අවධාරණය කර තිබේ.
පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් වෙහෙස නොබලා ඇප කැපවී වැඩකළ බව අවධාරණය කළ ජයසේකර මහතා සියලුම තරාතිරමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් දැන් ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය පිළිගත යුතු බවත් ඊට පටහැනිව ක්‍රියා කළහොත් ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බවත් තවදුරටත් පවසා ඇත.තමා සහාය දෙන්නේ මහින්දට ද ජනාධිපති සිරිසේනටද යන පැනය බොහෝ අය තමාගෙන් නිරතුරුව අසන බවද හෙතෙම අනාවරණය කළේය.ඊට මගේ ප්‍රතිචාරය මම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් බව පැවසීමයි.මීලඟ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර පක්ෂය හිතා මතා බෙදීමට කටයුතු නොකර ජනාධිපති සිරිසේන මහතා සමඟ ඉදිරියට යායුතු බව ඔහු පවසයි. හිටපු ජනාධිපතිවරයා තනිවම හෝ මීළඟ මහ මැතිවරණයේදී තරඟ වදිනු ඇති බවට රාවයක් පැතිර ගියත් ඇත්ත වශයෙන් ඔහු තරඟ නොකිරිමේ ඉඩ කඩක්ද ඇති බව ප්‍රධාන අමාත්‍යවරයා පවසයි.පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමේ ප්‍රයත්නයක යෙදී සිටින නව නායක ජනාධිපති සිරිසේනට සහයෝගය ලබා දිමට මට ඉදිරිපත්වන ලෙස ඔහු සියලු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික මන්ත්‍රීවරුන්ට ආයාචනය කළේය.
ජනාධිපති සිරිසේන මැතිතුමාගේ නායකත්වයට එරෙහිවත් , පාර්ලිමේන්තුවේ කලබැගෑනියක් ඇතිකිරීමටත් දැන් දියත්කර ඇති මෙහෙයුම ප්‍රධාන ඇමැතිවරයා හෙළා දැක තිබේ.එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට එරෙහිව සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්වී දියත් කළ ව්‍යාපාරය හේතුකොටගෙන තමා මෙන්ම තම සගයන් කිහිපදෙනෙක්ට අන්ත පරාජය අත්විදීමට සිදුවු බවද ඔහු සිහිපත් කර තිබේ.එම ඉරණම යළිත් වරක් අත්විඳීමට තමන්ට අවශ්‍යතාවක් නැති බවද ඔහු පවසා ඇත.වසර කිහිපයක් තුළ වෙහෙසවී කටයුතු කිරීමෙන් පසුව මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මාරුවීමට සිදු උනා.අවසානයේදී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වුණා .සජිත් ප්‍රේමදාස මහතාට නියෝජ්‍ය නායක පදවියෙන් සහ ඇමැති ධුරයකින් පමණක් සෑහීමකට පත්වීමකට සිදු වුණා
දයාසිරි ජයසේකර මහතා ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය පල කරමින් මැතිවරණ වේදිකාවක දැක්වු අදහස්