විමල් වීරවංශ හා උදය ගම්මන්පිල දෙන්නා අපේ පක්ෂෙට කරන්නේ ලොකු හානියක්. මහින්ද මහත්තයා පෙන්නා ගොඩ වැඩි කර ගන්න හදනවා. මහින්ද මහත්තයා දෙවැනි නායකත්වයක් හැදුවේ නෑ. පක්ෂය කඩා වැටෙනවා. අවුරුදු 47ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් වැඩ කළ මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් කළකිරුණා.‘ යැයි වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා බිංගිරිය වීරපොකුණේ රැස්වීමක දී පැවසීය.
ඔහු ශ්‍රීලනිපයේ බිංගිරිය ආසන සංවිධායකවරයා ද වෙයි.
‘හැමෝම මගෙන් අහනවා “සර්, මෛත්‍රී පිළේද? මහින්ද පිළේද? කියලා. මම කියන්නේ. ‘‘නෑ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. අත ලකුණේ කියලා. පක්ෂයක, ආයතනයක නායකයෝ මාරු වෙනවා. අපි ඒ එන නායකයත් එක්කලා වැඩ කරන්න අවශ්‍යයි. පක්ෂයක් විදියට පුද්ගලික අරමුණු ඔස්සේ අපිට ගමන් කරන්න බෑ. එහෙම වුනොත් වෙන්නේ ඒ පක්ෂය හරි ආයතනය හරි කඩා වැටෙන එක. අපි හැමෝම ඒක හොදින් අවබෝධ කර ගන්න ඕනෑ.
මම හදවතින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ආදරෙයි. ගරු කරනවා. අපේ රටේ සංවර්ධනය සමග කියවෙන නමක් තමයි මහින්ද රාජපක්ෂ. එතුමා ගමට විශාල වැඩ කොටසක් කරපු නායකයෙක්. එතුමා අපේ පක්ෂයේ උපදේශකතුමා. අපි එතුමාගේ උපදෙස් මත මේ පක්ෂය ගොඩ නගන්න ඕනෑ.
මෑතකදී අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිතුමායි, උපදේශකතුමයි හම්බවෙලා සාකච්ඡා කළා. ඒක යූ.ඇන්.පී කාරයන්ට ඇහැට කටු අනිනවා වගේ. මංගල සමරවීර කියලා තිබුණා බඩගාගෙන එනවා දැක්කා සාකච්ඡාවට කියලා. එහෙම එකක් එතන වුණේ නෑ. දෙන්නාම ඉතා ගෞරවනීය විදියට සාකච්ඡාව පැවැත්තුවා. ඒක ලොකු ජයග්‍රහණයක්. අපි දෙකට බෙදිලා මේ ගමන යන්න බෑ.
මහින්ද වෙනුවෙන් කෑ ගහන අය තේරුම් ගන්න ඕනෑ යූ.ඇන්.පී.ආණ්ඩුවක් ආපු ගමන් ඉස්සරලාම පහර දෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයටයි, පවුලේ අයටයි. දැන් බලයක් නැතුව ඔහොමනම්. බලේ ආවහාම කොහොම තියෙයිද.
19 වෙනි සංශෝධනය ගෙනැල්ලා රනිල් හැදුවේ ජනාධිපතිතුමාගේ බලතල සේරම තමන් අතට ගන්න. ඒත් එක කරගන්න බැරුව ගියා. ජනතා ආධිපත්‍ය අනුව සැකසුනු ව්‍යවස්ථාවක් සුළුතර ආණ්ඩුවකට හිතු මතේට වෙනස් කරන්න බැහැ. ශ්‍රේෂ්ඨාධිකණය තීරණය කලා ජනතා කැමැත්ත නැතුව ව්‍යවස්ථාවේ වගන්ති වෙනස් කරන්න බැහැ කියලා. තාමත් හීන අගමැති රනිල් වික්‍රමසිංහ.
අද රනිල් වික්‍රමසිංහ මහත්තයට කොන්ද පන නෑ කියලා බැනපු අය තමයි රනිල් පිටිපස්සේ ඉන්නේ. රනිල් වික්‍රමසිංහට බැන්නා කියලා තේරුමක් නෑ. “පිනට ආපු අගමැති තමයි රනිල් වික්‍රමසිංහ. එතුමා හැම සැරේම අගමැති වුනේ පිනට. මෙවරත් මෛත්‍රී මහත්තයා ඉස්සරහට දාලා අගමැතිකම ගත්තා.
අපි 20 වෙනි සංශෝධනය සම්මත කරගෙන මහ මැතිවරණෙකට යන්නේ.මෛත්‍රිපාල ජනාධිපතිතුමා ජනතාව වෙනුවෙන් පෙනී සිටින නායකයෙක්. අපි එතුමා සමග මහින්ද මහත්තයාවත් එකතුකරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කරන්න කැප වෙමු.
Check Also
සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...
චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?
මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...