11.9 C
London
Tuesday, December 9, 2025
spot_img

මළ මිනියකට මිනී මරාගෙන

බොරැල්ල මරදාන පාරේ මල්ශාලාවක්‌ තුළදී මළ සිරුරු එම්බාම් කරන සේවකයකුගේ ගෙල කපා මරා දැමීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් තවත් මල් ශාලාවක සේවකයකු අලුත්කඩේ අංක 02 මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 14 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කෙරුණු බව පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්‌ වී තිබුණේ පොලොන්නරුව, රෝහල හන්දිය පදිංචිව සිටි වීරසිංහ පතිරණලාගේ වසන්ත රංජිත් කුමාර (35) නමැති අයෙකිs.

මළ සිරුරු එම්බාම් කිරීම සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇතිවූ ආරවුලක්‌ මෙම ඝාතනයට හේතු වී ඇතැයි පොලිසිය කියයි.

අදාළ අපරාධය සිදුකළ සැකකරු ඝාතනයට යොදාගත් පිහියද රැගෙන පොලිසියට පැමිණ භාරවීමෙන් පසු ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මේ පිළිබඳව බොරැල්ල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක ප්‍රගති ලක්‌මිණි අබේසිංහ මහතාගේ උපදෙස්‌ මත නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුරට පරීක්‌ෂණ සිදු කරති.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles