13.3 C
London
Friday, November 14, 2025
spot_img

පාසල් සිසුවෙකු හා සිසුවියක දැදුරු ඔයට පනී.

අලුතින් ඉදිකළ දැදුරුඔය ජලාශයට (වාරියපොළත් මහවත් අතර පිහිටි) පැන්න බව කියන 11 වැනි වසරේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවක හා ශිෂ්‍යයකුගේ සිරුරු සොයා පොලිසිය ඊයේ (11 දා) දැදුරු ඔය අසල ප්‍රදේශයේදී පරීක්‍ෂණ කටයුතු දියත් කරනු ලැබූහ.
දෙමාපියන් ප්‍රේම සබඳතාවකට විරුද්ධවීම නිසා තමන් ජලාශයට පනින බවට දුරකථනය මගින් තම නිවෙස්‌වලට ඔවුන් දන්වා තිබෙන බව පොලිසිය පවසයි. එම ශිෂ්‍යාව හා ශිෂ්‍යයාගේ ගමන් මලු පාවහන් ආදිය ජලාශය ඉවුරේ තිබී පොලිසිය සොයාගෙන තිබේ.
එම සිය දිවි නසා ගැනීමකට ලක්වූයැයි පවසන ශිෂ්‍යයා ගොකරැල්ල බොරලුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර එම ශිෂ්‍යාව බිංගිරිය ප්‍රදේශයේ පදිංචි තැනැත්තියකි. වාරියපොල පොලිසිය විසින් මේ පිළිබදව පරීක්‍ෂණ පවත්වයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles