13.3 C
London
Friday, November 14, 2025
spot_img

ඩෙංගු මදුරුවා හිස ඔසවයි.

-සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ දැඩි බලපෑමක්‌ ඉදිරි දිනවල ඇතිවිය හැකි බවද දින දෙකකට වඩා උණ පවතීනම් නොපමාව රජයේ රෝහලකට ගොස්‌ රුධිර පරීක්‍ෂාවක්‌ කරගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඩෙංගු රෝගීන්ගේ රුධිර පරීක්‍ෂා කිරීම සඳහා යොදා ගන්නා (Heamqtocrit) යන්ත්‍ර සෑම ප්‍රධාන රෝහලකටම ලබාදී ඇති බවද පවසන මහීපාල මහතා ඒ අනුව පැය භාගයක්‌ හෝ පැයක්‌ ඇතුළත රෝගීන්ගේ රුධිර පරීක්‍ෂාව රජයේ රෝහල්වලින් සිදුකර ගැනීමට හැකිවනු ඇතැයිද අනාවරණය කරයි.

පාලිත මහීපාල මහතා කොළඹ ආශ්‍රිත, දෙහිවල, රත්මලාන, බත්තරමුල්ල, කඩුවෙල සහ නුගේගොඩ ප්‍රදේශයන්හි දැඩි ඩෙංගු අවදානමක්‌ ඇති බව ද මදුරුවන් ව්‍යාප්ත විය හැකි ස්‌ථානවලට ගොස්‌ ජනතාව දැනුවත් කරමින් මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ඉහත ප්‍රදේශවල සෞඛ්‍ය නිලධාරීන්ට දැනුම්දී තිබෙන බවද පවසන ලදී. ඩෙංගු මරණ වැඩිවීමට හේතුව දින දෙකකට වඩා උණ රෝගය වැළැඳී රෝගීන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමුනොවීම බවද, නිසි පරිදි රෝහල් වෙත යන්නේ නම් ඩෙංගු රක්‌තපාත තත්ත්වයට හෝ කම්පන තත්ත්වයට පත්නොවන බවත් පවසන ඒ මහතා ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දිවයිනේ සියලුම රෝහල් අධ්‍යක්‍ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරුන්, දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරුන් ඇතුළු නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් පසුගිය සෙනසුරාදා විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වූ බවද පවසයි. ඩෙංගු රෝගය කළමනාකරණය කර ගැනීමට වෛද්‍යවරුන්ට හැකියාව ලැබෙන්නේ රෝගය කල්තියා හඳුනාගැනීමත්, මුල් අවස්‌ථාවේදී ප්‍රතිකාර සඳහා යොමුවීමත් මගින් බව මහීපාල මහතා වැඩිදුරටත් කීවේය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles