16.3 C
London
Thursday, June 19, 2025
spot_img

දෙරණ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ෂෙහාන් ඉවතට

දෙරණ ටීවී පුද්ගලික නාලිකාවේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ෂෙහාන් බරණගේ මහතා එම තනතුරින් තාවකාලිකව ඉවත් කර ඇතැයි වාර්තා වෙයි.

පසුගියදා දෙරණ මගින් විකාශයවූ වාද පිටිය සජීවී දේශපාලන වැඩසටහනේ ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා අපහසුතාවයට පත්කරවමින් ඔහු ලෝක හොරෙකු යයි නම් කරමින් බාහිරින් දුරකථන ඇමතුමක් සම්බන්ධ කරන ලද්දේ ෂෙහාන් බරණගේ මහතා වීම එයට හේතුවයි.
රන්ජන් රාමනායකගේ 0712781811 අංකයෙන් ෂෙහාන්ගේ 0773580453 ට මුල්ම ඇමතුම ලැබී ඇති බවත් පසුව ඔහු දෙරණ නාලිකාවේ වාදපිටියේ මහජන ඇමතුම් සඳහා විවෘත කර තිඛෙන 0115337262 අංකයට එම ඇමතුම ෆෝර්වර්ඩ් කර ඇති බවත් පරීක්ෂණ වලදී හෙළිවී ඇති නිසා මෙය හිතාමතාම සැලසුම් කළ සජීවී පණිවිඩයක්ය යන්න මේ ගැන පරීක්ෂණ පවත්වන අයට සැකයක් ඇතිවී තිබේ.
මෙම පරීක්ෂණ නිමවනතුරු ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අධ්‍යක්ෂ ෂෙහාන් බරණගේ තනතුරින් ඉවත්කර ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles