Wednesday , 22 January 2025

දැයට කිරුළ , “උත්තර දේවි” අද සිට උතුර බලා ගමන් අරඹයි.

-දැයට කිරුළ හෙවත් උත්තරදේවි සීග්‍රගාමී දුම්රිය නැවතත් අද (02) සිට කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතර ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. යාල්දේවි දුම්රිය මෙන් ජනප්‍රිය වූ මෙම දුම්රිය උතුරේ පැවති යුදමය තත්ත්වය නිසා 80 දශකයේ අග භාගයේදී ධාවනය නතර වූ අතර මෙතෙක් කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය කෙරුණු දැයට කිරුළ දුම්රිය මෙලෙස උත්තරදේවී ලෙස නාමය වෙනස් කර අද සිට නව කාලසටහනකට අනුව ධාවනය වේ. මේ අතර, අද පස්වරුවේ සිට කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම දක්වා රාත්‍රි තැපැල් දුම්රියක් ධාවනය කිරීමට ද, දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත. එමෙන්ම උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන් වලද වෙනසක් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Check Also

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...