දෝනි ටෙස්ට් පිටියෙන් සමු ගනී.

ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව තහවුරු කළේ ය.

එක්දින සහ පන්දුවාර 20යි 20 තරග සඳහා වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් මහේන්ද්‍ර සිං දෝනි ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසී ය.

ටෙස්ට් තරග 90කදී දෝනි රැස් කළ ලකුණු 4876ට ශතක 6ක් සහ අර්ධ ශතක 33ක් ඇතුළත් ය.

33 හැවිරිදි දෝනිගේ නායකත්වයෙන් ඉන්දීය කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට ද පැමිණියේ ය.

ඉන්දීය ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ‘‘ බෝඩර් – ගවස්කාර්‘‘ කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයේදී විරාත් කෝලි ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ඇති බව ය.

එම තරගය ලබන 6 වන දා සිඩ්නිහිදී ආරම්භ වේ.

Check Also

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...

අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ...