17.1 C
London
Thursday, November 13, 2025
spot_img

අනුග්‍රාහකයෙකු නොමැතිව ඩයලොග් ලීග් පාපන්දු ශුරතාව දිනාගත් ශුරයෝ

අනුරාධපුර සොලිඩ් ක්‍රීඩා සමාජය ඩයලොග් චැම්පියන් ලීග් පාපන්දු ශුරතාව මෙවර දිනාගනී. අන්තර් ක්‍රීඩා සමාජ පාපන්දු ශුරතා ඉතිහාසය අලුත් කළ අනුරාධපුර සොලිඩ් ක්‍රීඩකයෝ ඉතිහාසය පුරා මෙතෙක් පාපන්දු ශුරතාවයේ කිරුළ කොළඹ ක්‍රීඩා සමාජ තුළ වරින් වර රැවු දුන්න ද මෙවර පිට පළාතක ක්‍රීඩා සමාජයක් වන සොලිඩ් ක්‍රීඩකයෝ අනුග්‍රාහකයෙකු නොමැතිව ද ඉතාම දුෂ්කර ගමනකින් ජයග්‍රහණයේ ඉහළටම පා තැබීය. සොලිඩ් ක්‍රීඩකයෝ මෙවර චැම්පියන් ලීග් ශුරතාවලියේ තරඟ 15කින් ද ජය අත්පත් කර ගත්තේ තරඟ 20 කට සහභාගී වීමෙන් අනතුරුව ය. මේ අතර තරඟ 3ක් ජයපරාජයෙන් තොරව නිමාකර ගත් අතර, තරඟ 2කින් පරාජය වී ලකුණු 48ක් ලබා පෙරමුණ ගන්නා ලදි. නිගම්බූ යූත්, පොලිස් හා කළුතර පාක් ක්‍රීඩා සමාජ පැවති තරඟ ජයපරාජයෙන් තොරව නිමාකරගත් අතර, බ්ලුස්ටාර් හා කොළඹ පාපන්දු සමාජ සොලිඩ් පිලට පරාජය විය.
පාපන්දු ක්‍රිඩාවට පිවිසීමට පෙර සැහැල්ලු පන්දු ක්‍රීඩා සමාජයක් වූ සොලිඩ් ක්‍රීඩා සමාජය වරෙක සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියේ අනුශුරතාව ද දිනා ගන්නා ලදී. දසවසරක් තුළ පාපන්දු ක්‍රීඩාවේ ප්‍රබල නමක් සනිටුහන් කළ අනුරාධපුර සොලිඩ් ක්‍රීඩා සමාජයේ සභාපති කාවින්ද දිසානායක ( ඇමති දුමින්ද දිසානායකගේ පෞද්ගලික ලේකම්) හා ලේකම් සාගර පියතිලක (අනුරාධපුර නිව් සිටි ඉන්ධන පිරවුම් හලේ අධිපති) යන මහත්මවරුන්ගේ කැපවීම හා ධෛර්යය මහත් පිටුබලයක් වු බව ද ජයග්‍රහකයෝ පවසති.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles