Thursday , 22 February 2024

ජනපතිගේ ජය තහවුරු කිරීමට ඩිල්ෂාන් තරුණ හමුවක් සංවිධානය කරයි (VIDEO)

තමන් සැම විටම ප්‍රමුඛත්වය ලබා දුන්නේ, රටට සේවය කිරීමට බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද මහරගම පැවැති හමුවකදී ප්‍රකාශ කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මහරගම සහ හෝමාගම ප්‍රදේශවල අද ජනහමු කිහිපයක් සංවිධාන කර තිබුණි.

ඒ සඳහා සහභාගිවීමට මහරගමට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙල්කඳ ප්‍රදේශයේ තරුණ හමුවකට සහභාගී විය.

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ප්‍රමුඛ තාරුණ්‍ය පදනම විසින් එම හමුව සංවිධානය කර තිබුණි.

අනතුරුව ජනාධිපතිවරයා සහභාගි වූ‍යේ මහරගම බස්නැවතුම්පොළ අසල සංවිධාන කර තිබූ ජන හමුවටයි.

මේ අතර ජනාධිපතිවරයා ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයක් වෙත ද ගොස් ආශිර්වාද ලබා ගත්තේය‍.

ජනාධිපතිවරයා පළමුව ගියේ හෝමාගම උඩගහපත්තුවේ උන්දුරුගොඩ රජමහා විහාරස්ථානය වෙතයි.

අනතුරුව ජනාධිපතිවරයා දෙහිවල ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයට ගියේය.

එහිදි මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කොට ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළේය.

ඡායාරූප – බී.බී.සී. සිංහල

Check Also

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...

ජනපති මැදුරේ මන්දිරය ගැන මහින්ද කියයි

( අම්ත් මධුරංග ) 2015-10-25 ජනාධිපති මන්දිරයේ තිබුණේ භූගත මන්දිරයක් නොව යුද සමයේදී සාකච්ඡා පැවැත්වූ ...