අම්මේ බයවෙන්න එපා එයාට පුළුවන්ද මාව මරන්න? මියගිය සරසවි සිසුවියගේ මවගේ කඳුළු කතාව

කොළඹ විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන ඇල්පිටිය නියාගම පදිංචි ඩිමාෂා ගයනිකා ත‍්‍රිමාන නමැති විශ්වවිද්‍යාල සිසුවිය පසුගියදා ඇයගේ හමුදා සෙබළා අතින් ඝාතනය වූ අතර ඇයගේ අවසන් කටයුතු ඊයේ දිනයේ ඇල්පිටියේදී සිදුකරන ලද්දේ මුළු ඇල්පිටිය ගම්මානයම දුක් කඳුලේ ගිල්වමිනි’

මියගිය සරසවි දියණියගේ මව පොද්දීවල මහා විද්‍යාලයේ ගුරුවරියක් වන අතර ඇය සිය දියණියගේ අභාවය පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වා තිබුනේ මෙලෙසිනි’

, දුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට පසු සෙනසුරාදා හා ඉරිදා දිනවල තලවතුගොඩ පිහිටි උපකාරක පන්තියක ඉංග‍්‍රීසි ඉගැන්නුවා’ දැනට මාසයක සිට තමයි ඇය මේ පන්තියේ උගන්වන්න ගියේ’ දුවට මාසයකට රුපියල් 7’000 ක් ලැබුණා’ ,අනේ අම්මේ අම්මලාට කරදර කරන්න බැහැ’ මේ මාසේ බෝඩිම් ගාස්තු මම ගෙව්වේ උපකාරක පන්තියෙන් ලැබෙන මුදලින්, කියලා දුව කීවා’ එකේ සිට පහ වසර දක්වා දරුවන්ට තමයි දුව ඉංග‍්‍රීසි ඉගැන්නුවේ’ දුව කොළඹ හිටියේ’ මම තමයි දුරකතන ඇමැතුමක් දීලා දුවට එන්න කීවේ’ ඇය සිකුරාදා ගෙදර ආවා’ නියාගම බැංකුවේ රන් භාණ්ඩ වගයක් උකස් කරලා තිබුණා’ දුවගේ නමින් තමයි ඒ රන් භාණ්ඩ උකස් කරලා තිබුණේ’ එම රන් භාණ්ඩවල පොලිය ගෙවලා අලූත් කරන්න තමයි දුවට ගෙදර එන්න කිව්වේ’

දුවට පෙම්වතෙක් හිටියා’ ඔහු හමුදාවේ සෙබළෙක්’ මේ පේ‍්‍රම සම්බන්ධයට වසර තුනක් විතර ඇති’ දුවගේ පෙම්වතාත් නිවාඩුවට ගෙදර ඇවිත් හිටියා’ දුව ගෙදර ඉන්න විට ඔහුගෙන් දුරකතන ඇමැතුමක් ආවා දෙන්නා අතර ටිකක් සැරට වචන හුවමාරු වුණා’ මම දුවගෙන් ඇසුවා තරිඳු පුතා මොනවාද කියන්නේ කියලා’ ,අනේ අම්මේ එයා කියනවා මට ඉංග‍්‍රීසි උගන්වන්න කොළඹ යන්න එපා කියලා’ ගියොත් හොඳ වැඩක් කරනවා කියලා තර්ජනය කළ බවත්, දුව මට කීවා’

‘අම්මේ එයා කීවාට පන්තිය කරන එක නම් මට කීයටවත් නවත්වන්න බැහැ’ මම උගන්වන්නේ අහිංසක දරු පැටවුන්ට’ බෝඩිම් ගාස්තු පවා ගෙවන්නේ පන්තියෙන් ලැබෙන මුදලින්නේ අම්මේ’ එයා විරුද්ධ වුණාට මම පන්තිය කරන එක නතර කරන්නේ නැහැ, කියල දුව කීවා’

අනේ මම දුවගෙන් ඇසුවා දුවට කරදරයක් කරාවිද කියලා’ ,අම්මේ බයවෙන්න එපා එයාට පුළුවන්ද මාව මරන්න’ මට කැම්පස් එකේ ඕනෑ තරම් යාළුවෝ ඉන්නවා, කියලා දුව කීවා’ කොළඹ යන්න එපා කියලා දුවගේ පෙම්වතා දිගින් දිගටම දුවට තර්ජනය කළා’ මටත් ඔහු දුරකතනයෙන් කතා කළා’ මගේ දුව නැටුම්වලට මෙන්ම ඉංග‍්‍රීසි උගන්වන්න ගියේ දැඩි කැමැත්තෙන්’ ඉතින් මං විරුද්ධ වුණේ නැහැ’ එදා රාත‍්‍රි 12’30 ට විතර වෙනකම් දුව පන්තියට ගෙනයන්න ඉංග‍්‍රීසි අකුරු වගයක් හැදුවා’ උදේ 3’15 බස් එකෙන් තමයි කොළඹ යන්න හිටියේ’ සෙනසුරාදා අලූයම 2’00 ට විතර පෙම්වතා නැවත දුවට දුරකතනයෙන් කතා කළා’ ඔයා 3’15 බස් එකේ කොළඹ යනවද කියලා ඇසුවා’ ඔව් කියලා දුව උත්තර දුන්නා’ එදා උදේ නියාගමට ගිහින් මම තමයි දුව බස් රථයට ඇරලූවේ’ අනේ මගේ දුව ඇල්පිටිය නගරයේදී බස් රථයෙන් බස්සවාගෙන තියෙනවා’ ඊට පස්සේ තමයි දුව මරා දමලා තියෙන්නේ’

අනේ මම කොහොමද මේ දුක දරාගන්නේ’ මරන්නේ නැතිව අතක් පයක් හරි කපලා දැම්මා නම් දුව උස්සාගෙන විශ්වවිද්‍යාලයට රැුගෙන ගිහින් උගන්වනවා’ තව අවුරුදු තුනයි තිබුණේ විශ්වවිද්‍යාලයෙන් පිටවෙන්න’ අනේ මගේ දුවගේ හිතේ මොනතරම් බලාපොරොත්තු තිබුණාද? අද ඒ සියල්ල බොඳවෙලා ගිහින්’ මෙහෙම අපරාධයක් කරන්නේ නැතිව බන්දලා දෙන්න කියලා කීවා නම් අපි බන්දලා දෙනවා’ අනේ මගේ දුවට මෙහෙම අපරාධයක් කළේ ඇයි දෙයියනේ’’’’

දුව කැම්පස් ගියාට පස්සේ වෙන කොල්ලෙක් යාළු කරගනීවි කියලා දුවගේ පෙම්වතාට සැකයක් තියෙන්න ඇති’ ඒ නිසා තමයි දුව සතියේ දිනවල කොළඹ පන්ති කරනවාට විරුද්ධ වුණේ’ ඇයි දෙයියනේ මගේ දුවව මේ විදියට මරලා දැම්මේ’ දුව කුරා කූඹියකුටවත් වරදක් කළේ නැහැ’ හැමෝටම උදවු කළා’ ආච්චි රෝහලේ ඉන්නකොට ඉස්පිරිතාලේ නැවතිලා දුව තමයි සාත්තු කළේ’’ කැම්පස් එකේ නිවාඩු කාලයට මම උගන්වන පාසලට ඇවිත් දුව ළමයින්ට ඉගැන්නුවා’’ ගෙදරටම හිටපු අහිංසක කෙල්ලට මේ වගේ අපරාධයක් කළේ මොන හිතකින්ද දෙවියනේ’’’

dimasha-university-ceylonradio

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...