11.9 C
London
Tuesday, December 9, 2025
spot_img

ලංකාවේ ඩයි‍නෝසරයින් ඉඳලා ?

රුධිරයේ හෝ ඒ හා සමාන ද්‍රව්‍යයකින් මීට වසර දහස් ගණනකට පෙර අඳින ලද කුරුලු රූප හා ඩයිනෝසරයන්ගේ චිත්‍ර රැසක් ඇල්ල වැල්ලවාය මාර්ගයේ උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන කදින්නාවෙලට නුදුරින් පිහිටි කුරුලන්ගල ගල් පර්වතයේ තිබී තමන්ට හමුවූ බව රාවණා පුත්‍ර සංවිධානයේ සභාපති ගයාන් එස්. විතානගමගේ මහතා කියයි. මේ රූ සටහන් විධිමත් කාල නිර්ණයකට භාජන කර ඒ පිළිබඳ පුළුල් සොයාබැලීමක් සිදුකළහොත් වැළලීගිය ඓතිහාසික තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට ඉඩකඩ ලැබෙන බවත් ඉතිහාසය නැවැත ලියන්නට ඇතැම් විට සිදුවනු ඇති බවත් ඔහු කීවේය.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා
“මේ ගැන බොහෝ දෙනෙක් අසා තිබුණත් එහි නිවැරැදි අර්ථකථනයක් හෝ වටිනාකමක් ලබාදෙන්න අදවනතුරු කවුරුවත් අවධානය යොමු කරලා නැහැ. මගේ මතය අනුව මෙහි තිබෙන රූ සටහන අතීතයේ මුතුන් මිත්තන් ඇඳපු ඒවා විය හැකිය. එසේ නම් ඔවුන් ඩයිනෝසරයන් දැක තිබෙනවා. එය එසේ නම් ලංකාවේ ඩයිනෝසරයන් ජීවත් වී සිටින බවට තහවුරු වෙනවා. අද වන විට මේ චිත්‍ර සහිත කොටස විශාල වශයෙන් විනාශ වෙනවා. අඩි 30ක් පමණ තිබූ කොටසෙන් ඉතිරිවෙලා තියෙන්නේ අඩි 6ක පමණ කොටසක්. එයවත් සංරක්ෂණයට වහාම වගකිවයුතු බලධාරීන් අවධානය යොමු කළ යුතුයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles